කුරුණෑගල – ඇතුගල්පුර රදගුරු අති උතුම් හැරල්ඞ් ඇන්ටනි පෙරේරා හිමිපාණන්

593

1951 වසරේ ජුනි මස 09 වන දා පමුණුගම කිතුණු බලකොටුව ග‍්‍රාමයේ වැලිකැටිය බිමේ දෙව් ආසිරි ලැබ උපන් එතුමාගේ 70 වැනි ඡුන්ම දින සමරුව වසර 2021 ජුනි මස 09 වන දිනට දෙව් ආසිරි ලැබ ඇත්තේය.
 
 පමුණුගම ශුද්ධ වූ ජූසේ මුනිඳුන්ගේ දෙව් විමනින් බිහි වූ පළමු රදගුරුතුමා වන හැරල්ඞ් ඇන්ටනි පෙරේරා හිමිපාණන්ගේ පියා වූයේ දිරිය යුග පුරුෂයෙක් වූ පමුණුගම වැලිකැටියේ මයිකල් පෙරේරා මහතාය. මව වූයේ දෙව් පියබැතියෙන් දවසේ වැඩිකොටසක් දෙව් මැ`දුරේ යදිමින් සිටි පෙසෝනා ජයමහ මාතාමය. එතුමාගේ පවුලේ එකම සහෝදරයා වූයේ මානව දයාවෙන් පිරි ශාබි‍්‍රයෙල් පෙරේරා නම් බැතිමතාය. මේ වනවිට එතුමාගේ දයාබර පියාත් මවත් සහෝදරයාත් දිවියට සමුදී ඇති අතර, මව් කුස පිළිසිඳ ගන්නටත් ප‍්‍රථමයෙන්, මම නුඹ තෝරාගත්තෙමියි’ යන ශුද්ධ වූ දේව වාක්‍යයට අනුගතවෙමින් 1952 ජුනි මස17 දින පමුණුගම ශුද්ධ වූ ජූසේ මුනිදුන්ගේ දෙව් මැ`දුරේදී ප‍්‍රසාද ස්නාපනය ලබමින් ශුද්ධ වූ සභා සාක්ෂිලත් මේ බිළිඳා සිරිලක කිතු සසුනෙහි සමස්ත කිතුණු සභාව සවිමත් කරන්නට සමිඳු කිරුළ අභිෂේකය ලබන්නට පූජනීය වූයේය.
 
 මට අවුරුදු දෙකාමාරෙදි මගේ පියා මියගියෙ. එදා පටන් අපේ පුංචි පවුල ගොඩගත්තේ දිරිය මාතාවක් ලෙස මගේ මෑණියොයි. එතුමිය සියලූ සවිය ලබාගත්තෙ, සියලූ ප‍්‍රශ්න දෙවිඳුන්ට ඔප්පු කරලයි. මම පූජකවරයා ලබාගත් පසු 1992 දී මගේ දයාබර දිරිය මාතාව ජේසුගේ දේව රාජ්‍ය කරා   ගියා.
 
 මම මූලික අධ්‍යාපනය ලැබුවේ පමුණුගම සාන්ත ජෝශප් පිරිමි පාසලේ. එදා සිට දිනපතාම දිව්‍ය පූජාවට යෑම මට පුරුද්දක් උනා, ඒ නිසාම මම දිව්‍ය පූජාවට උදව් වන දරුවෙක් ෙලෙසත් කැප වීමෙන් කටයුතු කළා. එම වකවානුවේ පමුණුගම මීසම පාලක ලෙස සිටියේ සිරිල් පීරිස් පියතුමාය. හැම වසරකම දරුවන් පූජකවරය සඳහා දෙව්සත් හලට ඇතුළත් කළ යුතු න්‍යාය අනුව ඉතාම අඩු වයසින්ම එතුමා මාව බොරැුල්ල සා. ඇලෝසියස් දෙව්සත් හලට ඇතුළත් කළේය. ඒ වනවිට මගේ වයස අවු 10 යකි. 1962 ජනවාරි මස 13 වන දිනට එතුමා මාව දෙව්සත් හලට ඇතුළත් වීමට පමුණුගම කීර්තිමත් පූජක පුතුන් දෙපළක් වූ හිටපු ඥානාර්ත ප‍්‍රදීපය ජාතික පුවත් පතේ කතුවරයෙක් හා කොළඹ පදවියේ අනුනායක වූ ජෝ එම්මානුවෙල් වික‍්‍රම සිංහ හා නිර්මල මරිය නිකායේ කීර්තිමත් අග‍්‍ර ගන්‍ය දේශනාවාදී ලූවිජි ගොන්සාගා හෙට්ටිආරච්චි පියතුමන්ලා මා බාරගෙන හැමතින්ම මට අත හිත දුන් බව සිහිපත් කරමින් එතුමන්ලාට දේව රාජ්‍යයේ මෝක්ෂ මහිමය ප‍්‍රාර්ථනා කරන්නේ්ය.
 
 එතුමා දෙව්සත් හලට ඇතුළත් වනවිට එහි අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළේ පරලෝ සැපත් අති උතුම් ප‍්‍රෑන්ක් මාකස් ප‍්‍රනාන්දු නම් හිටපු හලාවත පදවියේ රදගුරු උතුමාණන්ය. ඒ වනවිට එහි ආචාර්යවරයෙකු ලෙස හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඞ් ගෝම්ස් හිමිපාණන්ද කටයුතු කර ඇත.
 
 1973 වසරේ නවම් මස 11 වන දින අම්පිටිය ජාතික දෙව්සන් හලට ඇතුළු වූ එතුමා දර්ශනවාදය හා දේව ධර්මය හදාරා පසුව රෝමයේ ‘‘උර්බාන් සරසවියේදී උපාධියද, අනතුරුව 1980 වේ ඇසළ මාසයේ 05 වැනිදා කොටහේන සාන්ත ලූසියා ආසන දෙව්මැදුරේ දී දෙවිඳුන්ගේ හා ශ‍්‍රීලේ සමිඳුන්ගේ ශුද්ධ වූ ආසිරි මැද එවකට කොළඹ අගරදගරු අති උතුම් නික්ලස් මාකස් ප‍්‍රනාන්දු රදගුරු හිමිපාණන් අතින් ශුධ වූ පූජක වරම් ලබා ගත්තේය. අනතුරුව එතුමානන්ගේ කුළුදුල් මංගල දිව්‍යායාගය සිය නිජබිම වූ පමුණුගම ශු. ජූසේ මුණිදුන්ගේ දෙව්මැදුරේදී සිය පෙම්බර මෑණියන් හා පොදු ජනතාවගේ ආසිරි මැද මහත් ජයොත්සවයෙන් පැවැත්විණ. එතුමාගේ පළමු පූජක පත්වීම දළුගම මීසම් සහයක ලෙස වසරක් ඉටු කළේය.
 
 අනතුරුව කුරණ සාන්ත ආනාදෙව් මැදුරේ මීසම් පාලක ලෙස අති විශිෂ්ට සේවාවක් ඉටු කළේය. 1991 වසරේදී රෝමයේ ඇක්වයිනාස් දේවධර්ම උපාධිය ලබාගත් එතුමා නැවත අම්පිටිය ජාතික දෙව්සත්හලේ භාණ්ඩාගාරික හා කතිකාචාර්ය ධූරයට පත් වූයේය. අනතුරුව කොළඹ අගරදගුරු පදවි භාණ්ඩාගාරික ලෙස හා තුඩැල්ල මීසම් පාලක පියතනතුරට පත් විය. අනතුරුව ලියනගෙමුල්ල මීසමේ ප‍්‍රථම මීසම පාලක බවට පත් වූයේ 1998 වසරේදීය.
 
 රදගුරු අභිසෙස් වරමට එතුමාව දෙවන ජූවාම් පාප් වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුයේ 2003 වසරේ ජනවාරි මස 29 වැනිදාය. කොටහේන සාන්ත ලූසියා ආසන දෙව්මැදුරේදී එතුමා ගේ රාජකීය දෙවිඳු අභිෂේකය සිදු කෙරුණේ 2003 මාර්තු මස 22 දාය. ඉන් පසු උන්වහන්සේට රත්නපුර පදවියේ රදගුරු තුමා ලෙස පත්වීම ලැබීමට සිදු වූයේ එවකට රත්නපුර රදගුරු තනතුරේ සිටි අතිගරු මැල්කම් රංජිත් හිමිපාණන්ට රෝමයේ ශුද්ධාසනයෙන් රාජ්‍යාන්තර තනතුරක් ලැබී යෑමට සිදු වුණ නිසාය. එතුමා රත්නපුර පදවිය තුළ සාමාජීය ආර්ථික හා අධ්‍යාත්මික අංශයන්ට අති විශිෂ්ට කැපවුණ සේවාවක් ජනතාවට ඉටු කළේය.
 
 එල්මෝ පෙරේරා ගාල්ල රදගුරුතුමා විශ‍්‍රාම යෑමෙන් පසු එතුමාට ගාල්ල රදගුරු පදවිය භාර ගැනීමට සිදු විය. ඒ 2005 මාර්තු 08 වැනිදාය. ඒ අවස්ථාවේදී එතුමාට ගාල්ල සහ රත්නපුර පදවි දෙකේම පරිපාලනය භාර ගැනීමට සිදු වුයේය. එම වාර්තා ගත සේවාවද එතුමා අකුරටම ඉටු කළ බව වාර්තා ගතය.මේ සියල්ල යළි පුනරුථාපනය කිරීමට ජාතික හා ජාත්‍යන්තර ආධාර ලබාගෙන රජය හා කරට කර සිටිමින් කළ අති විශිෂ්ට සේවාවට උපහාර වශයෙන් සමස්ත දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පදවියට පත් අතිපූජ්‍ය නාරං ඕවිට ආනන්ද තිස්ස නාහිමිපාණන් වහන්සේට සිය ධූරයේ අක්තපත‍්‍රය පිළිගැන්වීමට නාහිමිපාණන් විසින් තෝරාගෙන තිබුණේ අති උතුම් හැරල්ඞ් ඇන්ටනි පෙරේරා රදගුරු හිමිපාණන්වය. ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කතෝලික රදගුරු නමක් වෙතින් බෞද්ධ සංඝ නායක මාහිමිපාණන් වහන්සේ නමක් සිය ධුරය සඳහා අක්තපත‍්‍රය ලබන්නේ මෙම සිදුවීම හේතුකොට ගෙනය.
 
 ජෝ. සංගපාල ආරච්චි
 පමුණුගම

advertistmentadvertistment
advertistmentadvertistment