ඔක්කොම බැස්සත් බොක්කට ම අනියි

156

ඩොලරයේ අගය පහත බැස ඇති මොහොතක කිරිපිටි, සබන්, දත් බෙහෙත්, පවුඩර්, සැමන්, රේසර්, බිස්කට්, බටර්, හඳුන්කූරු, බෙහෙත් ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත නොදමා වෙළෙඳුන් හිතූ හිතූ ගණන් අයකරමින් තමන් අපහසුතාවයට පත්කරන බව පාරිභෝගිකයෝ පවසති.

ඉන්ධන, ගෑස් සෑම දෙයක්ම මිල පහත බැස ඇති මොහොතකවත් තමන්ට සහනයක් ලබානොදෙමින් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් දැඩි නීත්‍යානුකූල පියවරයන් ගන්නැයි ජනතාව පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කරති. මේ අතර රජය ගෑස් මිල පහත හෙළුවත් පාන්, බනිස්, ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල අඩු නොකිරීම ගැන ජනතාව දැඩි අප්‍රසාදය පළකර සිටිති. රජය ගෑස් මිල ඉහළ දැමූ සැණින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බේකරි හිමියන්ගේ සංගමය, ගෑස් මිල, ඉන්ධන මිල පහත දමා ඇති මොහොතක බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කර සිටිති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment