හිට්ලර්ලා, මුසලෝනිලාත් ඡන්ද තිබ්බේ නෑ – ජනාධිපතිගේ ගමනත් ඒකාධිපති ගමනක් ද?

102

සජිත් ඔඩ්ඩුසුඩාන්වලදී ප්‍රශ්න කරයි

ඉතිහාසයේ ඒකාධිපති පාලකයන් වූ හිට්ලර්ලා, මුසලෝනිලා මැතිවරණ සහ ඡන්ද ප්‍රතික්ෂේප කළ බවත්, වර්තතමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව යමින් සිටින්නේ ද ඒකාධිපති ගමනකටදැයි ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ගේම පක්ෂය මැතිවරණයට ඉදිරිපත්වී සිටියදී ජනාධිපතිවරයා මැතිවරණයක් නැතැයි කීවේ කෙසේදැයි ප්‍රශ්න කරන බවත්, ඒ පක්ෂයට හෝ ජනාධිපතිවරයාට මොළේ අමාරුවක් ඇතිදැයි කියා විමසිය යුතුව ඇතැයි ද හෙතෙම කීවේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment