සාෆ් පාපන්දුවේ අවසාන මහ තරගය අද

252

රටවල් 05 ක සහභාගිත්වයෙන් ක‍්‍රියාත්මක කෙරුණු 13 වැනි දකුණු ආසියාතික රටවල පාපන්දු ශූරතාවලිය හෙවත් සාෆ් පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන මහා තරගය අද (16දා) පැවැත්වෙන අතර එහිදී ඉන්දියාවට එරෙහිව නේපාලය තරග වදී.

ප.ව. 08.00ට මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි සුප‍්‍රසිද්ධ ජාතික ක‍්‍රීඩාංගණයේදී මෙවර අවසාන මහා තරගය පැවැත්වේ.

ප‍්‍රසාද ලකුණු 08 ක් සටහන් කර ගනිමින් ඉන්දියාව ද ප‍්‍රසාද ලකුණු 07 ක් වාර්තා කර ගනිමින් නේපාලය ද මෙවර අවසාන තරගයට වරම් ලබා ගත්තේය.

ලීග් ක‍්‍රමයට පැවති මූලික වටයේදී නේපාලය හමුවේ ශ‍්‍රී ලංකාව ගෝල්

03 – 02 කින්ද මාලදිවයින ගෝල් 01 – 00 කින්ද පරාජය ලැබූ අතර බංග්ලාදේශය අතර තරගය ගෝල් 01 – 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට සමත් විය.

මූලික වටයේදී ඉන්දියාව හමුවේ මාලදිවයින ගෝල් 03 – 01 කින්ද නේපාලය ගෝල් 02 – 00 කින්ද පරාජය ලැබූ අතර ශ‍්‍රී ලංකාව ගෝල් 00 – 00 ක් ලෙස ද බංග්ලාදේශය ගෝල් 01 – 01 ක් ලෙස ද ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. ඒ අනුව මෙතෙක් අපරාජිත එකම කණ්ඩායම බවට ඉන්දියාව පත්ව සිටී.

දකුණු ආසියාතික පාපන්දු ඉතිහාසයේ පළමුවරට ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ලබමින් සාෆ් පාපන්දු කුසලානය දිනා ගැනීමේ අරමුණ ඇතිව නේපාලය අද තරගයට අවතීර්ණ වන අතර 08 වැනි ශූරතා කුසලානය තම රටට රැුගෙන යෑමේ අදහස ඇතිව ඉන්දියාව තරට බිමට අවතීර්ණ වෙයි. මෙතෙක් පැවති තරග ආශ‍්‍රිතව 1993, 1997, 1999, 2005, 2009, 2011 සහ 2015 ශූරතාව ද 1995, 2008, 2013 සහ 2018 අනුශූරතාව ද දිනාගනිමින් ඉදිරියෙන් පසුවීමට ඉන්දියාවට හැකියාව ලැබී තිබේ.

1995 සහ 1999 තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට නේපාලය සමත් වීම සාෆ් තරගාවලිය ආශ‍්‍රිතව ඔවුන්ගේ ඉහළම දක්ෂතාවය ලෙස සැලකිය හැකිය.

මෙවර තරගාවලියේ මූලික වටයේ හමුවූ අවස්ථාවේ දී ඉන්දියාව හමුවේ ගෝල් 01 – 00 ක පරාජයක අමිහිර අත්විඳින්නට නේපාලයට සිදු විය.

ප‍්‍රථම භාගයේදී කරට කර සටනක් දුන් නේපාලයට එරෙහිව සටහන්වූ එකම ගෝලය 82 වැනි මිනිත්තුවේදී ලබා ගැනීමට ඉන්දීය නායක සුනිල් චෙට්ටි‍්‍ර සමත්විය.

මෙවර තරගාවලියේ තෙවන ස්ථානය සත්කාරක මාලදිවයිනට ද සිව්වැනි ස්ථානය බංග්ලාදේශයට ද හිමිවන අතර වාරයේ අවසන් ස්ථානයෙන් සෑහීමට පත්වන්නට ශ‍්‍රී ලංකාවට සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 


advertistmentadvertistment