සා/පෙළ විභාගයට නිර්දේශයේ නැති ප්‍රශ්න හා පිළිතුරක් නැති ප්‍රශ්නවලින් දරුවන්ට ලකුණු 12ක් අහිමි වෙනවා

123

රෝහිණී කවිරත්න මැති සබේදී කියයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව විෂය සඳහා ඉවත් කර තිබූ විෂය නිර්දේශයේ කොටස්වලින් ප්‍රශ්න තිබීම සහ නිවැරදි පිළිතුරක් දිය නොහැකි ප්‍රශ්න තිබීම නිසා දරුවන්ට ලකුණු 12ක් අහිමිවන බව සමගි ජන බලවේගය මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (13දා) පැවසූවාය.

ඊට අමතරව ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය ව්‍යුහයට පරිභාහිරව ඇති කර තිබූ නව ව්‍යුහය තුළ දරුවන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයිද ඇය සඳහන් කළාය.

ඊට පිළිතුරු දුන් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කරන බවය. මන්ත්‍රීවරිය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මතු කළ කාරණය සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට විභාග කොමසාරිස්වරයා එකඟ වූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment