මේෂ ලග්නය – හදිසි දේපළ ලැබීමක්
අමතර වියදම් බහුල කරන සතියක් වුවත් හදිසි ධන ලාභවලට හේතුවේ. නව ඉඩමක් වාහනයක් මිලට ගැනීම යහපත් වනු ඇත. කරන කියන දෙයින් ලාභ ඇතිවන සතියක්වේ. මෙම සතිය දරුවන් වෙනුවෙන් කැපවෙන සතියක් වනු ඇත. කේන්ති යෑම පාලනය කරගත යුතුවේ. නැත්නම් බොහෝ පාඩු ඇතිවීමට හේතුවේ. කරන සියල්ල තමාගේ වාසියට හරවා ගැනීම තමා සතුවෙයි. සතිය සුබ වීමට බුද්ධිමත් ලෙස කටයුතු කිරීම තමන් සතුවන නිසා නිතර බුද්ධියට තැන දෙන්න සිතට තැන නොදෙන්න. රැවටීම්වලට හේතුවේ. එබැවින් පුද්ගලයන් විශ්වාස කිරීමෙන් මෙම සතිය වැළකී සිටිනු යහපති. ආමාශගත රෝග අස්ථි රෝගවලින් පීඩා විඳීමට සිදුවනු ඇත. නිතර ආගම දහමට නැඹුරුවීමෙන් ජය නියත කර ගතහැක.
ශුභ දවස බදාදා, ශුභ අංකය 4
වෘෂභ ලග්නය – විදෙස්ගත වීමට සුභයි
රැකියා තනතුරු ස්ථිරත්වයක් පෙන්නුම් කරන අතර මෙම සතිය වෘෂභ ලග්න හිමියන් විදෙස් ගතවීමට හේතු වෙයි. සතිය සුබ වීමට නිතර ආගම දහමට නැඹුරු වන්න. මෙම සතිය පව්, පින් ඵල දෙනු ඇත. වාසි ලැබීමට හේතුවේ. ගෘහයට යහපත් වේ. කරන කියන දේ ගැන සැලකිලිමත් වීම යහපත් වනු ඇත. ඉගෙන ගන්නා දරුවන්ට යහපත් වේ. උසස් අධ්‍යාපන වරම් පවතින කාලයකි. සති මැද වනවිට දාන පින්කම් ඇති වීමට හේතුවේ. ප්‍රධානීන්ගේ උදව් උපකාර ලබයි. නඩු හබ දිනන සතියක් වේ. කෙසේ වෙතත් උෂ්ණාධික රෝගවලින් ප්‍රවේසම් වීම යහපති.
ශුභ දවස බ්‍රහස්පතින්දා, ශුභ අංකය 2
මිථුන ලග්නය – නව ව්‍යාපාරයකට මුලපුරයි
මිථුන ලග්න හිමියන්ට මෙම සතිය නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවේ. වෙනදාට වඩා දුර ගමන් යෙදෙන බවක් පෙනේ. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුම් ඇතිවේ. රැකියාවේ අවිවේකී භාවයක් ඇතිවීමට හේතුවේ. සුළු වශයෙන් ලාභ ලැබෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇතිකරවනු ලබයි. හදිසි ව්‍යාපාර කටයුත්තකට අත ගැසීම සිදුවනු ඇත. හදිසි වැටීම් ඇතිවිය හැක. සති අග ප්‍රවේශම් වීම වැදගත් වෙයි. කටයුතුවලින් උසස් වේ. අධ්‍යාපනය සිදු කරන්නන්ට මෙම සතිය තරමක් යහපත් නොවෙනු ඇත. මතක ශක්තිය ධාරණ ශක්තිය අඩුවේ. හිසේ කැක්කුම්, සෙම් රෝග පීනස වැනි රෝගවලින් පීඩා විඳීමට ඉඩ ඇත.
ශුභ දවස බ්‍රහස්පතින්දා/ශුභ අංකය 7
කටක ලග්නය – ගේදොර වැඩ කරයි
කටක ලග්න හිමියන් නිවැසියන් වෙනුවෙන් ඇප කැප වන සතියක් වේ. ගේ දොර අලුත් වැඩියාවන්වලට හේතු වෙයි. මෙම සතිය වෙහෙස මහන්සිය යොදා කටයුතු ඉෂ්ට සිද්ධ කරනු ඇත. සෙම් රෝග ඇඳුම වැනි රෝග උස්සන්න විය හැක. කල්පනාකාරී වන්න. මුදල් ගනුදෙනු මෙම සතියේ සුදුසු නොවනු ඇත. නව මිත්‍ර ආශ්‍රය ලැබෙන සතියක් වේ. කරන කියන දෙයින් ලාභ ලැබීමට හේතු වේ. මුදල් වියදම් වීම් වැඩිවන සතියක් වනු ඇත. දිව පිනවන ආහාරවලට හේතුයි. මෙම සතිය අස්ථි රෝග ස්නායු රෝග ඇති වීමට බලපායි. කල්පනාකාරීව කටයුතු කරන්න.
ශුභ දවස සිකුරාදා/ ශුභ අංකය 3
සිංහ ලග්නය – අධ්‍යාපනික ජයග්‍රහණ ලැබිම්
මෙම සතිය සිංහ ලග්න හිමියන්හට උසස් අධ්‍යාපනයට යහපත් වනු ඇත. සියල්ල තම වාසියට ම සිදු වේ. දියුණුව පවත.ී ගෘහයට ද යහපත් වනු ඇත. නව මිත්‍ර සම්බන්ධතා ඇතිවේ. සමිති සමාගම්වල තනතුරු නම්බු නාම ලැබෙනු ඇත. නව සාමාජිකත්වය ඇතිවේ. සියල්ල වාසනාවන්තව සිදුවුවත් කට වචනය ප්‍රවේසම් කර ගැනීම වැදගත්ය. කට වචනයෙන් බොහෝ දේ අහිමි වියහැක. මංගල කාලයක් වේ. විවාහ ස්ථීර වීම් ඇති වේ. උදරාබාධ රෝගවලට හේතුවන සතියක් වන නිසා ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න.
ශුභ දවස බදාදා/ ශුභ අංකය 1
කන්‍යා ලග්නය- ආගියතැන කැපී පෙනෙනු ඇත
කන්‍යා ලග්න හිමියනි, කාගෙත් ගෞරවය ආදරය කරුණාව ලැබෙන කාලයක් වනු ඇත. සියල්ල ජය ගන.ී වාසනාවන්තය. කැපී පෙනෙන චරිතයක් වෙනු ඇත. සති මැද නොසිතූ දේ ඉෂ්ට සිද්ධ වේ. ප්‍රීතිය පිණිස කටයුතු ඉෂ්ට සිද්ධ වනු ඇත. කරන කියන දේ සාර්ථක වේ. ව්‍යාපාරවලට ශුභ වේ. අධ්‍යාපනයට ද යහපත් වනු ඇත. ගෘහයේ සියලු කාර්යයන් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් අනු ඇත. මෙම සතිය ඉතා යහපත්වේ. රක්තවාත රෝග ඇතිවීමට හේතු වනු ඇත. අධ්‍යාපනය යෙදෙන දරුවන්ගේ මනා කැපී පෙනීම,මතක ශක්තිය ධාරණ ශක්තිය දියුණු වීම පෙන්නුම් කරනු ඇත. කරන කියන දෙයින් ලාභ ලැබෙනු ඇත. හදිසි ගමන් බිමන් යෙදීමට හේතුවේ. කෙසේ වෙතත් මෙම සතිය කන්‍යා ලග්න හිමියන්ට යහපත් වේ.
ශුභ දවස බ්‍රහස්පතින්දා/ශුභ අංකය 8
තුලා ලග්නය – තනතුරු ලාභ
පවුල් බැඳීම වැඩිවන සතියක් වේ. කටයුතුවලින් ලාභ ලැබේ. ධන වාසනා ඇතිවේ. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයක් වනු ඇත. අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. තරග විභාග කටයුතුවලින් ජය. වෙහෙසීම ඇතිවන සතියක් වේ. මනසට නිදහසක් නොමැති සතියක් වන කාර්යබහුල සතියක් වේ. චිත්තාවේගය ඇතිවීමට ඉඩකඩ ඇත. ඒ යහපත් නොවේ. කටයුතු ආකූල ව්‍යාකූල වීමට ඉඩ පවතී. බුද්ධිමත් ලෙස සතිය ගත කිරීම යහපති. එයින් සාර්ථක වේ. කුෂ්ට රෝග සමයෙහි රෝග ඇති විය හැක.
ශුභදවස සිකුරාදා/ශුභ අංකය 6
වෘශ්චික ලග්නය/ ධාරණ ශක්තිය වැඩි වීමක්
මෙම සති ඉතා යහපත් වේ. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් වනු ඇත. මතක ශක්තිය ධාරණ ශක්තිය වැඩි වන සතියක් වේ. තරග විභාග සාර්ථක ලෙස මුහුණ පෑමට හැකිව තිබේ. කරන කියන දේයින් ලාභ. ව්‍යාපාරවලින් ලාභ ලැබීමට හේතු වනු ඇත. නව ව්‍යාපාර කටයුතු ආරම්භය ශුභා ශුභ වේ. රැකියා කරන ස්ථානයෙන් තනතුරු නම්බු නාම ලැබෙන කාලයක් වන අතර සෑම අතින්ම වාසනාවන්ත සතියක් වනු ඇත. මෙම සතිය උෂ්ණාධික රෝග ඇතිවීමට හේතුවේ. ප්‍රවේසම් වන්න. මංගල කාලයක් වනු ඇත. අලුත් දේ ගැනීමට සිත් දෙනු ඇත.
ප්‍රසිද්ධිය හා වාසනාව ඇතිවන සතියක් වේ. නුවණ යොදා කරන සෑම දේම වැඩි වාසි ලැබෙන කාලයක් වනු ඇත.
ශුභ දවසේ සෙනසුරාදා/ ශුභ අංකය 1
ධනු ලග්නය – උරුම කරුම වලින් ලාභ
මෙම සතිය තමාට උරුම දේ ලැබෙන සතියක් වේ. නැති නෑදෑයෝ ඇති වේ. කරන කියන දෙයින් ලාභ ලැබීම සිදුවේ. නිලතල ලැබෙන සතියක් වනු ඇත. කරන කියන සෑම දෙයින්ම ලාභ ඇතිවේ. නුවණ යොදා කරන සෑම දෙයින්ම වැඩි වාසියක් ලැබෙන සතියක් වේ. ගෘහය වාසනාවන්ත වෙනු ඇත. ප්‍රීතිය පිණිස කටයුතු ඉෂ්ට සිද්ධ වනු ඇත. වාත රෝගවලට හේතු වීමට ඉඩ පවතී. දීර්ඝ ගමන් බිමන් යෙදෙනු ඇත. විදේශ ගතවීමට යහපති.
ශුභ දවස බදාදා/ ශුභ අංකය 2
මකර ලග්නය- අකීකරු වීම්වලට හේතු
මෙම සතිය තරමක් කේන්තියෑම ඉවසීමේ අඩුවීම අකීකරු වීම්වලට හේතු වේ. ප්‍රේම සම්බන්ධතා යහපත් නොවනු ඇත. විවාහ යෝජනා ඇතිවේ. සියල්ල ගැන දැඩි විමසිලිමත් වන්න ඉවසීමෙන් සැනසුම ලැබේ. දරුවන්ට යහපත් නොවේ. දෙමව්පිය හානිය ඇතිවීමට පුළුවන අධික වියදම් ඇවිදිලි ඇතිවීමට හේතු වේ. ආගමික ගමන් බිමන් යෙදෙනු ඇත පින් දහමට ලැදිව කටයුතු සිදුවනු ඇත. ආගම දහම වෙනුවෙන් මුදලක් වැය කරන සතියක් වනු ඇත. කියන දේවලට බුද්ධිමත් වන්න. එවිට සතිය ජයගත හැක.
ශුභ දවස සඳුදා/ ශුභ අංකය 5
කුම්භ ලග්නය – මතක ශක්තිය දියුණුවේ
මෙම සතිය ප්‍රීතිය පිණිස ගමන් බිමන් ඇතිවෙනු ඇත. කරන කියන දේ සාර්ථකය. මනසට නැවුම් බවක් ඇතිවේ. මනස සැහැල්ලුවේ. මෙම සතිය ඇවිදිලි අධික වේ. ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වන්න සතියක් වනු ඇත. පින් දහම්වලට සිත් දේ. දරුවන් සමග කාලය ගත කරනු ඇත. කරන රැකී රක්ෂා සාර්ථක වේ. ව්‍යාපාර ලාභ ලැබේ. ගනුදෙනුවලින් වැඩි වාසි ලැබෙනු ඇත. තමාට හිතවත් අය ළං වෙනු ඇත. මතක ශක්තිය දියුණුවේ. අධ්‍යාපනය සිදු කරන දරුවන්හට යහපත් වේ.
ශුභ දවස සිකුරාදා/ ශුභ අංකය 4
මීන ලග්නය- ගෘහ ජීවිතය වාසනාවන්ත වේ
මීන ලග්න හිමියන්හට මෙම සතිය යහපත් සතියකි. ගේදොර අලංකරණයට සිත්දෙන සතියක් වනු ඇත. ඉගෙනීම දියුණුවේ. කරන කියන විභාග සාර්ථකත්වයක් ඇතිවේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වෙය.ි විවාහ යෝජනා පැමිණෙන කාලයක් වනු ඇත. මෙම සතිය කරන කියන දේ සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. ධන ලාබ ලැබීමට හේතු වේ. සතිය ශුභයි. ආමාශගත රෝග ඇතිවීමට හේතුවේ. ප්‍රවේශම් වන්න.
ශුභ දවස සඳුදා/ ශුභ අංකය 8
ජ්‍යොතිෂවේදී සහ වාස්තුවේදී,
විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ
ආචාර්ය එච්.ඩී. එන්. ඌෂාන්ත
076 641 3242