‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට අනුගත වෙමින් සිනෝපෙක් සමාගම දිවයින පුරා පිහිටි සිය ඉන්ධන පිරවුම්හල් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ නාවල පිහිටි ඩිලී ඉන්ධන පිරවුම්හල පිරිසිදු වැසිකිළි පහසුකම් හා වැඩිදියුණු කළ සේවාවන් ජනතාවට විවෘත කිරීම පසුගියදා සිදුකෙරුණි.
සිනෝපෙක් විසින් නවීකරණය කළ 14 වැනි ඉන්ධන පිරවුම්හල එය වන අතර එම විවෘත කිරීමේ උත්සවය පසුගියදා බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතින් සිදුවිය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරුන් මෙන්ම Clean Sri Lanka වැඩසටහන නියෝජනය කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු සහ අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීස්වර යන මහත්වරු ද එක්ව සිටියහ. එමෙන්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරින්, මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහජනතාව ද එම අවස්ථාවට එක්වූහ. පිරිසිදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මෙවන් වැඩසටහනක් තුළින් පළමුවරට සිය දායකත්වය දැක්වූ Sinopec සමාගම පාරිසරික වගකීම් හා නවීකරණය මුල් කොට ගත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිය උපාය මාර්ගික දැක්ම ද මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.
මෙහිදී සෞඛ්‍ය, ආරක්ෂාව හා පාරිසරික මඟපෙන්වීම් හරහා අධිවේගී හා නිවැරදි ඉන්ධන පොම්පවල සිට ඉන්ධන නැවතීමේ හදිසි බොත්තම, නිශ්චල විදුලි ගිනි නිවීමේ තාක්ෂණයන්, ඉන්ධන වාෂ්ප ග්‍රහණය කරගන්නා කපාට වැනි Sinopec හි සුවිශේෂී සේවාවන් පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීම, එසේම පිරිමින්, කාන්තාවන් හා ආබාධිත පුද්ගලයන් සඳහා නිර්මාණය කරන ලද Sinopec හි පිරිසිදු වැසිකිළි පහසුකම් සපයා ඇත.
|