සිරිපාලට ඉල්ලූ වාරණය නොලැබෙයි

181

ඊයේ (19දා) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැඳවා තිබූ පක්ෂ විධායක සභා රැස්වීම පැවැත්වීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයකු වන හෙක්ටර් බෙත්මගේ ඇතුළු පස්දෙනකු කළ ඉල්ලීමක් කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම්වරයකු වන නීතිඥ කීර්ති උඩවත්ත, හෙක්ටර් බෙත්මගේ, උදයංග විජේරත්න, හිනිදුම සංවිධායක සම්පත් රුවන් ඇතුළු පිරිසක් අධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනුකරමින් එම ඉල්ලීම කර තිබිණි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර හා වීරකුමාර දිසානායක ඇතුළු පිරිසට ලබන ජූලි 3 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අතුරු තහනම් දැන්වීම් හා නොතීසි යැවීමට ද අතිරේක විනිසුරුවරයා නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment