සිරිපා බැතිමතුන් මෙවර ගෙනා කැළි කසල ප්‍රමාණය

112

මෙවර අවසන් වූ ශ්‍රීපාද වන්දනා සමයේ මාස 06 ක කාලය තුළ ශ්‍රීපාද වන්දනා කරුවන් විසින් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර තිබූ දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පරිසර අංශය මගින් ඉවත් කළ බව එම ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී රසිකා සමරණායක මහත්මිය පැවසුවාය.
ගෙවුණු වන්දනා සමය 2023 දෙසැම්බර් මාසයේ සිට 2024 මැයි මස වෙසක් පුන් පෝය දින දක්වා පැවැත්විණි.
ඉවත් කරන ලද කැළි කසල තොගයට දිරණ කසල කිලෝ 60,000 ක් නොදිරණ කසල කිලෝ 36,000 ක් හා ප්ලාස්ටික් බෝතල් කිලෝ 3000 ක් අයත් වූ බව පරිසර නිලධාරිණී රසිකා සමරණායක සහත්මිය පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment