සිවිල් පුද්ගලයන් හට ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති සියලුම ගිනිඅවි පිළිබඳව සමාලෝචනය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතරොම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් 07 වැනිදාට පෙර භාරදෙන ලෙස සියලුම බලපත්‍රලාභීන් හට දැනුම් දී තිබේ. මෙම සමාලෝචනයෙන් පසු නැවත ගිනිඅවි ලබාදීම සලකා බලන බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේ භාරදීමෙන් පසුව වැලිසර රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාව මඟින් නිකුත් කරනු ලබන භාර ගැනීමේ කුවිතාන්සියේ පිටපතක් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව අසල ස්ථාපිත කර ඇති සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංශයේ ලිපි භාර ගැනීමේ කවුළුව වෙත භාරදීමට කටයුතු කරන ලෙසත් දැනුම් දෙයි.
අදාළ දිනට පෙර බලපත්‍රලාභීන් විසින් ගිනිඅවි භාරදීමට අපොහොසත් වුවහොත් 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව පවසන ආරක්ෂක අමාත්‍යාංශය, දේපළ ආරක්ෂාව, වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති ගිනි අවි සඳහා මෙය අදාළ නොවන බවත් දැනුම් දෙයි.