බංග්ලාදේශ රජය සුළුතර අයිතීන් වෙනුවෙන් නැඟී සිටී

270

බංග්ලාදේශයේ සිටින සුළුතරයක් වූ හින්දු ආගමික ජනතාවට හිංසා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය පියවර ගන්නා බව බංග්ලාදේශ ජනමාධ්‍ය සහ විකාශන අමාත්‍ය ආචාර්ය හසන් මහමුද් පවසයි.අගමැති ෂෙයික් හසිනා මහත්මියගේ නායකත්වයෙන් යුත් රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.තම රජය සුළුතර ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන බව ද සදහන් කරන ඔහු හින්දු ජනතාවට හිංසා කරන්නේ උමතු කණ්ඩායමක් බවත් ඔවුන්ට බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට සහාය දක්වන පිරිසක් සහාය දක්වන බවත් චෝදනා කරයි. බංග්ලාදේශයේ හින්දු ජනතාව කෝටි දෙකක පමණ පිරිසක් ජීවත් වෙති. අගමැති ෂෙයික් හසිනා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය වසර දෙකක කාලය තුළ දෙරට අතර හොද සම්බන්ධතාවයකින් කටයුතු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment