සිසිලි දූපතේ ගිනි කන්දක් පිපිරීමෙන් ගුවන් ගමන් නවතී

494

ඉතාලියට අයත් සිසිලි දූපතේ පිහිටි ‘මවුන්ට් එට්නා’ ගිනි කන්ද පිපිරීමෙන් නිකුත් වූ කළු පැහැති අළු දූපතේ නැගෙනහිරින් පිහිටි ප්‍රකට ‘කැටනියා’ ගුවන් තොටුපළේ ගුවන් පථයටද පැමිණීම නිසා එහි සියලු ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීහු පියවර ගෙන තිබේ. පිපිරීම ඇරඹී ඇති යුරෝපයේ සක්‍රියම ගිනි කන්ද වන ‘මවුන්ට් එට්නා’ ගිනි කන්දෙන් පිට වූ අළු සිසිලි දූපතේ පිහිටි ජනප්‍රිය සංචාරක පුරවරයක් වන කැටනියා ප්‍රදේශයේ ගුවන්තොටුපළ වෙත විසි වීම නිසා එහි ගුවන් ධාවන පථය හා නවතා ඇති වාහනවලට පතිත වීමෙන් ප්‍රදේශයේ කළු පැහැති මීදුම් පටලයක් නිර්මාණය වීම මෙසේ ගුවන් ගමන් අත්හිටුවීමට හේතු වී තිබේ.

ඊයේ (22දා) දිනයේද එම ගුවන් ගමන් අත්හිටුවා තිබුණේ ගුවන් මගීන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන බව ගුවන් සේවා නිලධාරීන් පවසා තිබේ. කෙසේ වුවද ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් සංචාරකයන් විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටි බව වාර්තා වී තිබේ. සිසිලි දූපතේ පිහිටි ‘මවුන්ට් එට්නා’ ගිනි කන්ද වරින් වර සක්‍රිය වෙමින් අළු හා ලාවා (ලෝ දිය) නිකුත් කෙරුණද 1922න් පසු එහි විශාල පිපිරීමක් සිදුව නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment