සිසුවියන් ලක්ෂ 8කට සනීපාරක්ෂාව වෙනුවෙන්…

1

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව වර්ධනය කිරීම හා සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා ගැනීම සඳහා වන තිළිණපත් බෙදාදීමේ සමාරම්භක උළෙල නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදී ඊයේ (06දා) සිදුවිය.

මේ සඳහා රජය මගින් රුපියල් බිලියනයක මුදලක් වැය කරනු ලබයි. පාසල් සිසුවියන් ලක්ෂ 08ක් සඳහා මෙම තිළිණපත් ප්‍රදානය සිදුකෙරේ. එම තිළිණපත් ප්‍රදානය කිරීමේ අවසථ්වාට ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වූ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය තිළිණපත් බෙදාදුන්නාය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රෝහිණී කුමාරි විජේරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්මීහු හා ජනාධිපති බාලිකා විද්‍යාලයේ විද්‍යාලයාධිපතිනි හසන්ති පතිරත්න මෙනෙවිය ද මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment