සීතා සහ අනුරාධා ජනපති සටනට

1260

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩ නැගීමට උත්සාහ කරන නව දේශපාලන සංවිධානයේ කාන්තා අඩුව පිරවීම සඳහා හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යොදා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා ම අදාළ දේශපාලන සන්ධානය ගොඩ නැගීමට ක්‍රියාකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විජේදාස රාජපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් පසුව පිහිටුවීමට යන සන්ධානයේ කටයුතු වේගවත් කර ඇතැයි වාර්තා වේ.රාජ්‍ය ඇමති විශේඥ වෛද්‍ය සීතා අරඹේපොල ඍජුව ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වන බව වාර්තාවීමත් සමඟ දැඩි රාජපක්ෂවාදීනියක වන අනුරාධා යහම්පත් නව සන්ධානය වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කර ගැනීමට සාකච්ඡා පවත්වන බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment