අදත් කොළඹ පාරවල් රැසක් වසයි

298

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අධික සුළං සමග ගස් කඩාවැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමේ අරමුණ පෙරදැරිව මෙලෙස මාර්ග කිහිපයක් වසා තබන බවය.ඒ අනුව බෞද්ධාලෝක මාවත මලලසේකර මංසන්ධියේ සිට තුම්මුල්ල වටරවුම දක්වාත්, විජේරාම පාර ග්‍රෙගරි පාර මංසන්ධියේ සිට බෞද්ධාලෝක පාර දක්වාත්, පෙරහැර මාවත ජේම්ස් පීරිස් මාවත මංසන්ධියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වාත් බේබෲක් ප්‍රදේශයත් මෙලෙස වසා තැබීමට නියමිතය.එසේම වෙසක් කලාප වෙත පැමිණෙන ජනතාවට ආරක්‍ෂිත ස්ථානවල රථවාහන නවතා තබා පා ගමනින් එම කලාප වෙත ගමන්කිරීමට හැකි බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.මේ අතර පොලීසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනාරක්ෂිත අවදානම් ගස් යට රැඳී සිටීමෙන් සහ වාහන නවතා ඒ තුළ රැඳී සිටීමෙන් වළකින ලෙසටය.

advertistmentadvertistment
advertistmentadvertistment