සුවදිවිය වැඩසටහන යටතේ දියවැඩියාව සම්බන්ධ රුධිර පරීක්ෂණ සායනයක් සහ වෛද්‍ය උපදේශන වැඩමුළුවක් ඉකුත් 22 වැනිදා උපාලි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී උපාලි සමූහ ව්‍යාපාරයේ සේවක සේවිකාවන්ගේ රුධිර පරීක්ෂාව, උස සහ බර පරීක්ෂාව සිදු කළ අයුරු සහ වෛද්‍ය චමරි පණ්ඩිතගේ මහත්මිය විසින් දියවැඩියාව රෝගය සම්බන්ධ දැනුවත් කළ අයුරු ඡායාරූපවල දැක් වේ.
මෙහිදී ශරීර සුවතාවය පිළිබඳ උපදේශක දමිත වේරගොඩ මහතා ද ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්වීය.
ඡායාරූප – සමන් රණවීර