සෙරෙප්පුවෙන් පහර දුන්නැයි පැමිණිලි කිරීමට ගිය අය පොලිසිය තුළදීම බිම ඇද වැටී මරුට

101

යාපනය නගරයේ වෙළෙඳසල් හිමියකු පාරිභෝගිකයකුට සෙරෙප්පුවකින් පහර දීමෙන් පසුව ඔහු ඒ පිළිබඳව පැමිණිලි කිරීමට යාපනය පොලිස් ස්ථානයට ගොස් සිටි අවස්ථාවේදී ක්ලාන්ත වී බිම ඇද වැටීමෙන් 22 දා මියගොස් තිබේ.

යාපනයේ ගොවිපළ පාරේ පදිංචිව සිටින සෙල්වරත්නම් හරින්ද්‍රන් නැමති පුද්ගලයකු අදාළ වෙළෙඳසල් හිමියාගෙන් ණයට උළු 2000 ක් මිලට ගෙන ඇති අතර එහි මුදල් ඉල්ලූ අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබේ.

මේ අවස්ථාවේදී වෙළෙඳසල් හිමියා පාරිභෝගිකයාට සෙරෙප්පුවකින් පහර දීමෙන් පසුව ඔහු ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසියට ගිය අවස්ථාවේදී ඔහු පොලිසිය තුළ ක්ලාන්ත වී ඇද වැටීම නිසා ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

සෙරෙප්පුවකින් පහර දුන් බව කියන ව්‍යාපාරිකායාව යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment