මාස දෙකකට ඉහතදී සුනඛයකු සිසුවාගේ පාදයක් සූරලා
ජලභීතිකා රෝගය වැළඳීමෙන් හත්හැවිරිදි පාසල් සිසුවකු මියයෑමේ සිද්ධියක් ගාල්ල කරාපිටිය ජාතික රොහලේ දී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී පසුගියදා අනාවරණය විය.
මියගොස් ඇත්තේ කුරුඳුකාර හේවගේ සිතිජ නිකේෂ් නමැති මාවනාන, නෙළුව ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මොහු නෙළුව, කොස්වත්ත, කනිෂ්ට විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. මෙයට මාස දෙකකට පමණ ඉහත දී සුනඛයකු මෙම සිසුවාගේ පාදයක් සූරා ඇති බවට හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. පසුගිය දිනක උණ වැළඳීමෙන් මෙම සිසුවා නෙළුව මැදගම රෝහලට ඇතුළත්කොට ඇති අතර පසුව ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත මාරුකොට තිබුණි. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙකී පාසල් සිසුවා මියගොස් ඇත.
හදිසි මරණ පරීක්ෂණයේ දී මියගිය පාසල් සිසුවාගේ පියා වන අමල් ප්‍රදීප් ප්‍රේමවංශ (34) නමැත්තා ද සාක්ෂි ලබා දුන්නේය. මියගිය පාසල් සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී. ජී. එන්. කරුණාතිලක මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී. ඩී. සමරවීර මහතා විසින් සිදු කරනු ලැබීය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල