හදිසි අනතුරකින් අතක් පයක් අහිමි වුණොත් එය යළි හිමි කරදෙන – Re Generation Treatment

144

හූනා නමැති සතාට සිය ජීවිත ආරක්ෂාව සඳහා ලැබී ඇති උරුමයක් ලෙස සිය වලිගය සැලකිය හැකිය. යමකු උගේ වලිගයෙන් ඇල්ලුවහොත් එය කඩා දමා බේරී යෑමට හැකියාව ඇත. එලෙස කැඩුණු වලිගය ටික දිනකින් වර්ධනය වේ. මෙලෙස හදිසි අනතුරකින් සිය වලිගය කැඩී ගිය විට යළි වර්ධනය වන්නේ හූනාගේ සිරුරේ ඇති ස්ටීම් සෛල (Stem Cells) නිසාය.1

මෙම Stem Cells මිනිස් සිරුරේ ද පවතී. එම සෛල ක්‍රියාකාරීත්වය වර්ධනය කරගත හොත් අපට හදිසි අනතුරකදී සිදුවන තුවාලයක් නිසා පාදයක් අහිමිවීම, අතක් අහිමිවීම ආදී සිරුරේ බාහිර ඉන්ද්‍රිය හානියක් නැවත වර්ධනය කරගත හැකිය.

මෙම ප්‍රතිකාරය Re Genaration Treatment හෙවත් නැවත වර්ධන ප්‍රතිකාරය ලෙස හඳුන්වයි.

නැවත වර්ධනය කිරීමේ ප්‍රතිකාරය

වර්තමානයේ වෛද්‍ය විද්‍යාව තුළ සිදුකරන තුවාල ප්‍රතිකාර සඳහා වූ නවතම පර්යේෂණය වනුයේ නැවත වර්ධනය කිරීමේ ප්‍රතිකාරයයි. අපගේ සිරුරේ නිද්‍රාසහගතව ඇති Stem Cells ක්‍රියාකාරීත්වය වර්ධනය කර හදිසි අනතුරක් නිසා පාදයක් හෝ අතක් කැපීමට සිදුවුවහොත්, ඇඟිල්ලක් වැනි කොටසක් කැපීමට සිදුවුවහොත්, දැනට පවතින ලෙස එය කොට කැබැල්ලක් ලෙස පවත්වාගෙන නොගොස් නැවත වර්ධනය කර පෙර පැවැති තත්ත්වයට ආසන්න මට්ටමකට ගෙන ඒමට උත්සාහ කරනු ලබයි.

මෙම ප්‍රතිකාර ක්‍රමය දැනට පර්යේෂණ මට්ටමේ පවතී.

දැනට මෙම ප්‍රතිකාරය ස්නායු හානියට ලක්වූ අවස්ථාවලදී නැවත වර්ධනය කිරීම සඳහා භාවිතා කරනු ලබයි. ස්නායු හානියට ලක්වූ විට නැවත වර්ධනය නොවේ. එනිසා අපගේ ශරීරයේ ඇටමිදුලු තුළ නිද්‍රාසහගතව පවතින Stem Cells උපයෝගි කරගෙන ස්නායු වර්ධනය සඳහා යොදාගනු ලබයි. මෙම Stem Cells මව්කුස තුළ කලලයක්ව පවතින විට සක්‍රියව පවතී. එනිසා කලලයට යම් හානියක් සිදුවූ විට එය නැවත වර්ධනය වීමට මෙම සෛල ක්‍රියා කරයි.

තුවාල ප්‍රතිකාරයේදී පටක වර්ධනය සඳහා ද මෙම ප්‍රතිකාරය යොදාගනී. ඒ අනුව හදිසි අනතුරක් නිසා සිදුවන බරපතළ තුවාලයකදී, එනම් පාදයක් කපා ඉවත් කිරීම අතක කොටසක් හෝ ඇඟිල්ලක් කපා ඉවත් කිරීම සිදුවූ විට එම ඉවත් කළ කොටස යළි වර්ධනය කරගැනීම සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය යොදාගැනීම සඳහා දැනට පර්යේෂණ කරනු ලබයි. එය සාර්ථක වුවහොත් තුවාල ප්‍රතිකාර ක්‍රමයේ විශාල ජයග්‍රහණයක් වනු ඇත.

මෙම ප්‍රතිකාරය දියවැඩියාව, නිදන්ගත රෝග ආදිය නිසා ඇතිවන තුවාලවලට ප්‍රතිකාර ලෙස යොදාගත නොහැකියි. එවැනි රෝගවලදී සිරුර අභ්‍යන්තරයේ සිදුව ඇති හානිය බරපතළ නිසා මෙම නැවත වර්ධනය කිරීමේ ප්‍රතිකාරය (Re Genaration Treatment) භාවිත කළ නොහැකියි.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0778899021 ඇමැතිය හැකිය.

හදිසි අනතුරකින් අතක් පයක් අහිමි වුණොත් එය යළි හිමි කරදෙන - Re Generation Treatment

තුවාල ප්‍රතිකාර සම්බන්ධ
පශ්චාත් උපාධිධාරී
වෛද්‍ය ගයාන් ජයකොඩි
(MBBS, MSC)
වුන්ඩි වුන්ඩ් ඉනෝවේෂන්, තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය, රද්දොළුගම.

advertistmentadvertistment
advertistmentadvertistment