වරායේ නිෂ්කාශන ධාරිතාවත් ඉහළට
වාහන නිෂ්කාශනය ප්‍රමාද වීම පිළිබඳ මෑත කාලීන පැමිණිලි සැලකිල්ලට ගනිමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) අවහිරතා අවම කිරීම සඳහා සියලු පියවර ගෙන ඇත.
2025 පෙබරවාරි මාසයේ සිට භාවිතා කළ සහ අලුත් වාහන 9,151කට වඩා වැඩි ප්‍රමාණයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) හරහා මෙරටට පැමිණීම, HIP කෙරෙහි ඇති විශ්වසනීයත්වය පිළිබිඹු කරන්නක් මෙන්ම වරාය මෙහෙයුම් වෙත අභියෝගයක් ද විය. එයට ප්‍රතිචාර දක්වමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය, අවහිරතා අවම කර වරායේ නිෂ්කාශන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් කාර්යක්ෂම ක්‍රියාපටිපාටි මාලාවක් ක්‍රියාත්මක කර ඇත.
නව ක්‍රියාවලිය තුළින් රේගු විධිවිධාන නිසි පරිදි සම්පූර්ණ කර ඇති වාහන සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර පැය 24ක් ඇතුළත නිෂ්කාශනය කිරීමේ පහසුකම සලසා තිබේ. හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් මුදාහරින ලද වාහන, වරාය ආශ්‍රිත ගෙවීම් අවසන් කිරීමටත් පෙර රේගු පරීක්ෂණයට ප්‍රවේශ කරවීමේ අවකාශය නව ක්‍රියාවලියේ විශේෂ අංගයකි. මෙම ක්‍රියාශ්‍රීලි පියවර සියලු ගෙවීම් සාමානන්තරව සිදුකිරීමේ පහසුව සලසමින් අනවශ්‍ය ප්‍රමාදයෙන් තොරව නිෂ්කාශන කටයුතු සිදුකිරීම සහතික කර තිබේ.
කාර්යක්ෂමතාව තවත් ඉහළ නැංවීම සඳහා වරායේ ලිපි කටයුතු මධ්‍යස්ථානය, සතියේ දිනවල පැය 20.30 දක්වාත් සෙනසුරාදා දිනවල පැය 13.00 දක්වා විවෘතව පවතී. එසේම වාහන හුවමාරුව සඳහා අවශ්‍ය වන (VSR) සම්පූර්ණ කිරීම වැනි සේවාවන් පිණිස, HIP හි පාරිභෝගික සේවා අංශය සෑම සතියේ දිනකම පැය 22.00 දක්වා විවෘතව පවතියි. මෙම ක්‍රියාවලිය තුළින් වාප්පු ලිපිකරුවන් සහ ආනයනකරුවන් හට තම ලිපි කටයුතු සැකසීම සඳහා අමතර කාලය මෙන්ම එදිනම
ගෙවීම් කටයුතු සම්පූර්ණ කිරීමේ ඉඩප්‍රස්තාව සැලසේ. එමෙන්ම ආනයනකරුවන්ට සහනයක් ලෙස දින 10ක ප්‍රමාද ගාස්තු රහිත කාලයක් (HIPG) විසින් ලබාදී ඇත. ඒ අනුව වරාය විසින් ප්‍රමාද ගාස්තු අය කරනු ලබන්නේ 11 වැනි දිනයේ සිටය