අයිසිස් සංවිධානය විසින් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට එල්ල කිරීමට සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ඉන්දීය පොලිසිය සමත්ව තිබේ.
සවුදියේ වෙසෙන අයිසිස් නායකයකුගේ උපදෙස් මත බෝම්බ මාලාවක් එල්ල කිරීමට මෙසේ සැලසුම් කර තිබිණි. මෙලෙස ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අයිසිස් සාමාජිකයින් දෙදෙනකු ද ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී සිරාජ් උර් රෙහෙමාන් (29) සහ සයිඩ් සමීර් (28) යන මෙම අයිසිස් සාමාජිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන පරිදි සැලැස්මේ කොටසක් ලෙස සිරාජ් නමැති සැකකරු විසින් විජයනගර්වලින් පුපුරන ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ. මේ දිනවල ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරයේදී ලෝක රූ රැජින තරගාවලිය ද පැවැත්වේ.
චතුර පමුණුව