හිටපු ගමන් පෝසත් වුණු සුරාබදු පිරිසක් ගැන අල්ලස් කොමිසමට ලිපියක්

330

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් තම දරුවන්ගේ නමින් මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇති බවත් ඇතැම් නිලධාරීන්ට හාල් මෝල් සහ හෝටල් සතු බවත් ඔවුන් ඒවා ලබාගැනීමට මුදල් සොයාගත්තේ කෙසේ ද යන්න සොයාබලන ලෙසත් ඉල්ලා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලිපි යොමුකර ඇත.

එම ලිපිවල පිටපතක් සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතාට ද යොමු කළ බවත්, 2025 වර්ෂයට අදාළ බලපත්‍ර ලබාගැනීමේදී මෙම දූෂිත නිලධාරීන්ගේ මැදිහත්වීම නිසා ප්‍රමාදවීම් පවා සිදුවූ බවත් එම සංගමයේ සභාපති ඩී. ජේ. ඒ උඩුගම මහතා ‘දිවයින’ට ඊයේ (09දා) පැවසීය.

දූෂිත නිලධාරීන්ගේ නම් සහිතව ලිපි යොමු කළ බවත්, ඒ අතර සුරාබදු වෘත්තීය සමිතියක සභාපතිවරයකුට ද චෝදනා එල්ල කර තිබෙන බවත් උඩුගම මහතා කීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment