SLT-MOBITEL මෙවරත් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරය දිනූ ආයතන 10 අතරට

87
SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ සාමාන්‍යාධිකාරී (මානව ප්‍රාග්ධන කළමනාකරණ) හර්ෂණ රන්මුතුගල මහතා SLT-MOBITEL වෙනුවෙන් සම්මානය පිළිගත් අවස්ථාව

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, යළිත් වරක් ‘Most Admired Companies in Sri Lanka’ සම්මාන උළෙලේදී මෙරට වඩාත්ම ගෞරවාදරය දිනූ ආයතන 10 අතරට එක්වීමට සමත් විය. වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (Chartered Institute of Management Accountants – CIMA), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka – ICCSL) සහ Daily FT විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.

සමාගමක හෝ ආයතනයක මූල්‍ය ක්‍රියාකාරීත්වය පමණක් නොව, තිරසර වටිනාකම් නිර්මාණය මෙන්ම කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන්, ආයෝජකයන් සහ ප්‍රජාව වෙනුවෙන් ආචාරධාර්මික ලෙස කටයුතු කිරීම යන සාධකද සැලකිල්ලට ගැනීම මෙම සම්මාන උළෙලේ විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණය, SLT-MOBITEL හි ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. එය විශිෂ්ටත්වය සහ ආචාරධාර්මික ව්‍යාපාරික ක්‍රමවේද සම්බන්ධයෙන් සමාගම දක්වන උනන්දුවට හා කැපවීමට සාක්ෂි දරන අතර, නවෝත්පාදනය, පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ සේවා විශිෂ්ටත්වය මූලික කරගත් ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාමට සමාගම දරන උත්සාහය තහවුරු කරන සාධකයක්ද වේ.

එමෙන්ම මෙය රටේ දුරකථන සන්නිවේදන සේවා කර්මාන්තයේ උන්නතියට මෙන්ම සමස්තයක් ලෙස රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට SLT-MOBITEL දක්වන දායකත්වය තහවුරු කරයි.

SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ සහ සාමාන්‍යාධිකාරී (මානව ප්‍රාග්ධන කළමනාකරණ) හර්ෂණ රන්මුතුගල යන මහත්වරු සමාගම වෙනුවෙන් මෙම සම්මානය පිළිගත්හ. රට තුළ ඉහළම පිළිගැනීමක් සහිත සහ අනෙකුත් ව්‍යාපාරවලට හා ව්‍යවසායකයන්ට ආදර්ශයක්වන සමාගම් හා ආයතනවලට මෙම ඇගයීම හිමි වේ. මේ සඳහා එම සමාගම් හා ආයතන, ව්‍යාපාරයක සාර්ථකත්වයට අත්‍යවශ්‍යවන අවංකභාවය හා විශ්වාසනීයත්වය ඇතුළු ලක්ෂණද මැනැවින් නිරූපණය කළ යුතු ය.

මහජන සමීක්ෂණයක් තුළින් මෙන්ම, ප්‍රමුඛ පෙළේ විනිශ්චය මණ්ඩලයක් විසින් ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකරන ලද ඇගයීමකින් අනතුරුව මෙවරත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනූ ආයතන 10 තෝරාගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment