ශ්‍රී ලාංකේය ව්‍යාපාර නැවත නඟාසිටුවමින් සවිබල ගැන්වීමට ලංකා බැංකුව දිවයිනේ සියලුම පළාත්වලට සිය මෙහෙයුම් ව්‍යාප්ත කරයි

79

වර්තමානය වන විට මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා බැංකුවේ ‘ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන අංශයේ (BRR)’ මෙහෙයුම් කටයුතු කලාපීය වශයෙන් දිවයිනම ආවරණය වන පරිදි ව්‍යප්ත කිරීමට කටයුතු යොදා තිබේ.

මේ වෙනුවෙන් කලාපීය වශයෙන් ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකක විවෘත කිරීම සඳහා ලංකා බැංකුව කටයුතු කරමින් සිටී. ඊට සමගාමීව නුගේගොඩ, අනුරාධපුර, මහනුවර, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල අදාළ කලාප කාර්යාල විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සව ලංකා බැංකුවේ අතිරේක මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එම උත්සව සඳහා නියෝජ්‍ය මහා කළමනාකරු (ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකක) එම්. ආර්. එන්. රෝහණ කුමාර හා සහකාර මහා කළමනාකරු (ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකක) එන්. ක්‍රිෂ්ණකුමාර් යන මහත්වරු, අදාළ පළාත් සහකාර සාමාන්‍යාධිකාරීවරු සහ ලංකා බැංකුවේ අනෙකුත් නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතාගේ මඟපෙන්වීම මත, මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි, නියෝජ්‍ය මහා කළමනාකරු (ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකක) එම්. ආර්. එන්. රෝහණ කුමාර යන මහත්වරුන් සහ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, විවිධ හේතූන් නිසා අවධානයට ලක් නොවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා ‘ව්‍යාපාර පුනර්ජීවනය‘ යන නව සංකල්පය නිර්මාණය කරන ලදී. ඉතා සාර්ථක නියමු ව්‍යාපෘති කිහිපයකින් පසුව, 2020 වසරේ අග භාගයේ දී ලංකා බැංකුවේ ‘ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන‘ විශේෂිත ඒකකය ස්ථාපිත කෙරුණි. එතැන් සිට අද දක්වා මෙම ඒකකය මගින් මෙරට ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම හා බිඳවැටුණු ව්‍යාපාර නැවත නඟාසිටුවීම වෙනුවෙන් ප්‍රශංසනීය කාර්‍යභාරයක් ඉටු කර ඇති අතර, වර්තමානය වන විට එම ඒකකය රට පුරා කලාපීය ඒකක 14 ක් දක්වා පුළුල් වී ඇත.

කොවිඩ් 19 වසංගතය නිසා ලොවපුරා බොහෝ රටවල ආර්ථිකය බිඳ වැටුණු අතර, මෙරට බොහෝ ව්‍යාපාරවල තත්ත්වයද දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත් විය. මෙහි දී ප්‍රධානතම ශ්‍රී ලාංකේය ආයතනික පුරවැසියෙකු ලෙස ලංකා බැංකුව, පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා වඩාත් සුදුසු විසඳුම් හා ක්‍රියාමාර්ග වෙත ක්ෂණිකව යොමු විය. එහි දී ලංකා බැංකුවේ ප්‍රධාන පරමාර්ථය වූයේ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුව ද දිගු කාලීනව සිය ව්‍යාපාරික කටයුතු සහ ලාභය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරට ව්‍යාපාරවලට සහයෝගය ලබා දීමයි. ‘ජාතියේ මහා පහන්ටැඹ‘ යන විරුදාවලිය යථාර්ථයක් බවට පත් කරමින් මෙරට ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේ දී ත් කැපවන බව ලංකා බැංකුව අවධාරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment