හිටපු ජනාධිපතිවරුන් භාවිත කළ අමතර රජයේ වාහන ආපසු ලබා දෙන ලෙස කර තිබූ දැන්වීම අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක හැර ඉතිරි සියලු දෙනා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ .
මහින්ද රාජපක්‍ෂ භාවිත කළ අමතර රථය, මෛත්‍රීපාල සිරිසේන භාවිත කළ අමතර රථය, ගෝඨාභය රාජපක්‍ෂ භාවිත කළ අමතර ජීප් රථය මෙන්ම රනිල් වික්‍රමසිංහ භාවිත කළ අමතර රථය , එසේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ආපසු භාර දී තිබෙන බව වාර්තා වී තිබේ .
හිටපු ජනාධිපතිවරුන් හට භාවිත කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කිරීමට පසු ගිය දිනෙක රජය තීරණය කර තිබිණි . මෙම රථ භාර දීම සිඳුව ඇත්තේ ඒ අනුවය .