හිටපු ජනපති මහින්දගේ නිල රථ ගැන නිවේදනයක්

1167

පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ පවතින බවට දක්වා ඇති වාහන සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි තොරතුරු නොවන බව ඒ මහතාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව සැපයීමේ කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සංඛ්‍යාව හයක් වන අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දී තිබු ලිඛිත උපදෙස් ප්‍රකාරව එම නිල රථ හය අතුරින් ගිලන් රථයද ඇතුළු නිල රථ තුනක් 2024.10.21 වන ඉදිරි වැඩකරන සඳුදා දින නැවත භාරදීමට කටයුතු මේ වන විට සම්පාදනය කර ඇත. මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය ද දැනුම්වත් කර ඇත.කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි සේවා විසින් නිකුත් කර ඇති ආරක්ෂක තක්සේරු වාර්තා හා බුද්ධි තොරතුරු අනුව දැනට ලංකාවේ සිටින දේශපාලනික නායකයින් අතරින් ඉහළම තර්ජනයකට ලක්ව සිටින දේශපාලනඥයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂා මහතා දක්වා ඇති පසුබිමක, මෙම නිල රථ එතුමාගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබූ බව තවදුරටත් දක්වනු කැමැත්තෙමි.


advertistmentadvertistment