හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් හා ඔහුගේ බිරිය වන බුෂ්රා බිබී ඉම්රාන් ඛාන් ගේ අල් කදීර් විශ්වවිද්‍යාල ව්‍යාපෘති පදනමේ බලතල අනිසි ලෙස භාවිතා කිරීමේ හා දූෂණ කටයුතුවලට සම්බන්ධ වීමේ චෝදනාවලට වරදකරුවන් කරමින් ඔවුනට පිළිවෙළින් වසර 14 ක් සහ වසර 07ක් බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට පාකිස්ථාන
අධිකරණයක් මගින් ඊයේ (17දා) පියවර ගත්තේය. මේ අනුව හිටපු අගමැති ඉම්රාන් ඛාන්ව සිරගත කර තිබෙන පාකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරයේ පිහිටි අඩියලා බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක වන අධිකරණයක් විසින් ඛාන්ට වසර 14ක සිරදඬුවමක්ද ඔහුගේ බිරියට වසර 07ක සිරදඬුවමක්ද නියම කර තිබේ.
අදාළ සිරදඬුවම්වලට අමතරව ඉම්රාන් ඛාන් හට පාකිස්ථාන රුපියල් මිලියනයක හා ඔහුගේ බිරියට රුපියල් පන්ලක්ෂයක් බැගින් වූ වන්දි මුදල් ගෙවීමට ද අධිකරණය විසින් නියෝග කර තිබේ. හිටපු අගමැති ඛාන් 2023 වසරේ අගෝස්තු මාසයේ සිට අඩියලා බන්ධනාගාරයේ සිරගත කර සිටින අතර, හිටපු පාකිස්ථාන අගමැතිවරයාට බන්ධනාගාරගත වීමට මුල් වූ නඩුවේ තීන්දුව ඉකුත් දෙසැම්බර් මාසයේදී ලබා දී ඇත. ඔහුගේ බිරියව ඇයට එල්ල වී ඇති චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ භූමියේදීය. ඉම්රාන් ඛාන්ට හා ඔහුගේ බිරියට එරෙහිව ලබා දී ඇති නවතම සිර දඬුවම් දැඩි සේ විවේචනය කර ඇති ඛාන්ගේ නීතිඥවරයා වන ෆයිසාල් ෆරීඩ් චෞද්‍රි මෙය ඛාන් හා ඔහුගේ බිරියට එරෙහිව සිදු කරන ව්‍යාජ පීඩාවන්හි කොටසක් බව අවධාරණය කර තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ