මාස 10ට ඩොලර් මිලියන 331 ක එළවළු පලතුරු පිටරටින් ගෙන්වලා

119

මෙම වසරේ (2023) ජනවාරි මස සිට ඔක්තෝබර් දක්වා මාස දහයක් තුළ මෙරටට එළවළු හා පලතුරු ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 331.3 ක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉකුත් වර්ෂයේ (2022) මෙම කාලසීමාව තුළ එළවළු හා පලතුරු ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 313.6ක් වැය කර ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මහ බැංකු වාර්තාවට අනුව 2022 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ මෙම කාල පරිච්ඡේදය තුළ එළවළු හා පලතුරු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 17.7 ක් වැඩිපුර වැය වී ඇත. එමෙන්ම මෙම වර්ෂයේ ඔක්තෝබර් මාසයේ පමණක් එළවළු හා පලතුරු ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 30.2ක් වැය කර තිබේ.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස් .කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment