හොර දුම්වැටි සමග ඉන්දියානුවෙකුත් දැලේ

79

තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්නවන ලද දුම්වැටි 168,000 ක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ . අදාළ දුම්වැටි තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ , මන්නාරම ඔලුතුඩුවායි ප්‍රදේශයේදීය .

ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුම සිඳු කර තිබේ .
මෙසේ නිතිවිරෝධිව ගෙන්නවන ලද දුම්වැටි තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනා ද ලොරි රථය ද එයට ආධාර අනුබල දුන් ඉන්දියානු ජාතිකයෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය වාර්තා කරන ආකාරයට , මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 22, 67 වයස්වල පසුවන මන්නාරම හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන්ය . ඉන්දියන් ජාතික සැකකරු වයස අවුරුදු 53ක් වූ චෙන්නායි ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි .


advertistmentadvertistment