ළමා රෝහලේ සේවකයාට කුඩු ලෝලියෙක් පිහියෙන් ඇනලා

25

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයකුට කිසිවකු විසින් ඊයේ (20 වැනිදා) පෙරවරුවේ තියුණු පිහියකින් ඇන පලාගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයකු මෙලෙස මෙම සේවකයාට පිහියෙන් ඇන පලාගොස් ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි. තුවාලකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. මොහු රෝහලට පැමිණ සුළු සේවකයන් සිටින කාමරයකට ඇතුළු වී ඇති මොහොතක සේවකයන් පිරිසක් දැක කෑගසා තිබේ. ඒ අවස්ථාවේ සොරා පැන දිවයනවිට එක් සේවකයකු ඔහුව අල්ලා ගැනීමට දිවගොස් ඇත. ඒ අවස්ථාවේ සොරා ළඟ තිබූ පිහියෙන් රෝහල් සේවකයාට ඇන පලාගොස් ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ. මෙම සිද්ධිය වන අවස්ථාවේ රෝහල තුළ භක්ති ගී ප්‍රසංගයක් ද පැවැත්වෙමින් තිබී ඇත. මේ පිළිබඳව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ. මේ අතර ළමා රෝහල තුළ වෛiවරුන්, හෙද නිලධාරීන්, සුළු සේවකයන්, රෝහල් ගතවන දරුවන්ගේ දෙමාපියන්ගේ ජංගම දුරකථන, මුදල් පසුම්බි, ලැප්ටොප් නිතර සොරාගෙන යෑමේ සිද්ධීන් වාර්තා වන බව එම රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය. මත්කුඩු ලෝලීන් දරුවන්ව රෝහල්ගත කිරීමට පැමිණෙන මුවාවෙන් විත් මෙම සොරකම් සිදුකරන බව ද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා


advertistmentadvertistment