​ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වාර්ෂික මහා සභා රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ පවත්වයි

78

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරි චන්දන එල්.අලූ‍ත්ගම මහතාල ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂිකා සුරේඛා අලස් මිය වාර්ෂික මහා සභා රැස්වීම සඳහා සහභාගී වෙමින්….

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරි චන්දන එල්.අලූ‍ත්ගම මහතාල ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂිකා සුරේඛා අලස් මිය වාර්ෂික මහා සභා රැස්වීම සඳහා සහභාගී වෙමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරන ලද කොවිඞ් 19 සෞඛ්‍ය හා ආරක්ෂණ මාර්ගෝපදේශන වලට අනුකූල වෙමින් Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය සඳහා සේවා නවෝත්පාදන රැසක් සමගින් වාර්තාගත සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙන බව ප‍්‍රකාශ කරන ලදී.

insurance

මේ අනුව 2020 වසර සඳහා රු.බිලියන 7.9 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 39.4 ක රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කරමින් 16.65% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.

2020 වසර තුළ ජිවිත රක්ෂණ වාරික ආදායම් අගය රු.බිලියන 19.8 ක අගයක් ගන්නා අතර එහි වර්ධනය 29ග9% ක් වේ. එමෙන්ම සාමාන්‍ය රක්ෂණ වාරික අදායම් අගය 6ග27% ක වර්ධනයක් සමග රු.බිලියන 20.1 ක අගයක් වාර්තා කර තිබේ. ඒකාබද්ධ ජිවිත හා ජිවිත නොවන රක්ෂණ වාරික ආදායම සඳහා ජිවිත රක්ෂණ කාණ්ඩයේ දායකත්වය 49%ක් වන අතර සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ දායකත්වය 51% ක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment