තලිබාන් අන්තවාදීන් මගේ සහෝදරයන් – ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති කර්සායි

370

ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඞ් කර්සායි විසින් දැනට එරට පාලන බලය අල්ලා ගෙන සිටින තලිබාන් අන්තවාදීන් සිය සහෝදරයන් ලෙස විදෙස් මාධ්‍ය සමග පැවති සාකච්ඡුාවකදී හඳුන්වා දී තිබේ.

‘‘අල් ජසීරා ප‍්‍රවෘත්ති සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡුාවකදී කර්සායි පවසා ඇත්තේ වසර ගණනාවක සිටම තලිබාන් අන්තවාදීන් තමා සිය සහෝදරයන් ලෙස හඳුන්වන බවයි. ‘‘මා තවමත් ඔවුන්ව හඳුන්වනුයේ සහෝදරයන් ලෙසයි. ඇෆ්ගන් ජාතිකයකු ලෙස ඔවුන් රටේ ජනතාවගෙන් කොටසක් ලෙස සංවර්ධන කටයුතුවලට සම්බන්ධ කර ගැනීමටත් ඇෆ්ගන් ජන ජීවිතයට හුරු කරවීමටත් උත්සාහ දරනවා’’ යැයි ඔහු සඳහන් කර තිබේ. තමා හෝ ඇෆ්ගන් රජය හෝ ඇෆ්ගන් ජනතාව කිසි විටෙක තලිබාන් සංවිධානය තුරන් කිරීමට සැළසුම් නොකළ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. කර්සායි 2004 වසරේ සිට 2014 දක්වා කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment