පොලිස් වීරභට නාමාවලියේ පළමු ස්ථානයේ සභාන් නිලධාරියාගේ නම සටහන්ව ඇත්තේ පූර්ණ බලයලත් පොලිස් නිලධරියකු ලෙස වික්‍රමාන්විත රාජකාරියේදී මියගිය පළමුවැන්නා ලෙසයි. වර්ෂ 1864 මාර්තු 21 වැනි දින සභාන් නිලධාරියා ඝාතනය වූයේ පොලිසිය ව්‍යවස්ථාපිතව පිහිටුවීමට දෙවසරකට පෙරය. උතුවන්කන්දේ සරදියෙල් අත්අඩංගුවට
ගැනීමට උත්සාහ දැරීමේ දී සරදියෙල්ගේ සහචරයෙකු වූ මම්මල මරික්කාර් විසින් තබන ලද වෙඩි පහරකින් මියගිය සභාන් නිලධාරියා සිහිවීම පිණිස, දෙවන පොලිස්පති ධූරයෙන් පිදුම් ලැබූ ඊ. ආර්. සොන්ඩර්ස් (E.R.SAUNDERS) මහතා එවකට කෑගල්ල ප්‍රදේශයේ ආණ්ඩුවේ ඒජන්තවරයාව සිටියදී නුවර කොළඹ මාර්ගයේ මාවනැල්ල පොලිස් වසමේ ඔහු නමින් ස්මාරකයක් ඉදිකරන ලදී.
සභාන්ගේ මරණයෙන් වසර 117කට පසුව මාර්තු 21 වැනි දින පොලිස් විරු අනුස්මරණ දිනය ලෙස නම් කිරීමට ඔහු විසින් සිදුකළ වික්‍රමාන්විත මෙහෙවර හේතු විය. ඉන් අනතුරුව පොලිස් වීරභට නාමාවලියට අනුව රාජකාරීයේදී මියගිය පොලිස් නිලධාරියකු ලෙස වාර්තා වන්නේ බොරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී 1894 වර්ෂයේදී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල් 289 කේ. තම්බිමුත්තු නිලධාරියාගේ මරණයයි.
තිස් වසරක යුදමය වතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට පසුව වැඩිම ජීවිත සංඛාවක් පරිත්‍යාග කල බළකාය වන්නේද ශ්‍රී ලංකා පොලිසියයි. එහිදී මිය ගිය පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 2598ක් වන අතර යුද්ධයේදී ආබාධිත වූ පොලිස් නිලධරයන් සංඛ්‍යාව 1575කි. රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වික්‍රමාන්විත රාජකාරී කටයුතුවල නිරතව සිටියදී මිය ගිය සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 3157ක් වන අතර වික්‍රමාන්විත රාජකාරියේ නිරතව සිටියදී ආබාධිත වූ නිලධාරීන් සංඛ්‍යාව 44කි.
වීරභට සභාන් නිලධාරියාගේ සිට රාජකාරියේ නිරතව සිටිය දී මිය ගිය පොලිස් නිලධරයන් අතර ආසන්නතම දිනෙක නම සටහන් වූයේ 2024.02.09 වන දින රාත්‍රී ජංගම සංචාරයක නිරතව සිටියදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි වැදීමකට ලක්ව මියගිය පොලිස් සැරයන් (55457) රත්නවීර පටබැඳිගේ ශ්‍රියන්ත නිලධාරියාගේය. එලෙසම 2023.11.23 වන දින උදෑසන ජාඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිය දී, ජාඇල පොලිසිය අසලින් ගලාබසින ඇළට පැන පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඇළට පැන එම සැකකරු නැවත අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේ දී දියේ ගිලීමෙන් මියගිය ජාඇල පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල් (99033) ක්‍රිෂ්ණමූර්ති පිරදාපන් නිලධාරියාද, කොළඹ රථවාහන කොට්ඨාසය යටතේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියදී 2023.10.05 වැනි දින කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී පාලනයකින් තොරව පැමිණි මෝටර් රථයක ගැටී ජීවිතය පූජා කළ ආධුනික පොලිස් කොස්තාපල් (19498) අංගම්පොඩිගේ මනෝජ් ප්‍රියංකර නිලධාරියාද සියළු නෙත් අග කදුළු රඳවා මෑතකාලයේ දී වීරභට නාමාවලියට එක් වූ නිලධාරීන්ය.
අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ‘යුක්තිය’ මෙහෙයුමෙන් සියලු අපරාධ මැඩ පැවැත්වෙමින් තිබෙන අතර ඉදිරියේදී සියලු දුසිරිත් මෙරටින් මුලිනුපුටා දමා සැමට යුක්තිය ඉටුකිරීමද පොලිස් නිලධාරීන්ගේ රාජකාරියේම කොටසක් වී හමාරය.
මෙවර අභිමානයෙන් යුතුව සැමරෙන 2024.03.21 වන දිනට යෙදී ඇති 160 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය නිමිත්තෙන් රාජකාරියේ නියුතුව සිටියදී ත්‍රස්තවාදී ක්‍රියාවල සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවන්වලදී මියගිය පොලිස් නිලධරයන්ගේ පවුල්වල සමාජීකයන් 30 දෙනෙකු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සමඟ පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමටත්, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවන්වල ප්‍රතිඵලයක් වශයෙන් ආබාධිත වූ විශ්‍රාමික පොලිස් නිලධරයන් 20 දෙනකු සඳහා සහ පවුල්වල සමාජිකයන් 30 දෙනා සඳහා මුදල් ත්‍යාග වවුචර්පත් 50ක් පොලිස්පති තුමාගේ සුරතින් ලබා දීමටත් පොලිස් සුබසාධක කොට්ඨාස විසින් සියලු කටයුතු සංවිධානය කර ඇත.
රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වික්‍රමාන්විත රාජකාරියේ යෙදී සිටියදී සේම පසුගිය 30 වසරක යුද කාල සීමාවේ දී විටින් විට ශ්‍රී ලංකා පොලිසියට අහිමි වු නිලධරයන් අභිමානයෙන් යුක්තව සිහිපත් කිරීම පොලිස් විරු අනුස්මරණ දිනයේ දී සිදු කරනු ලබයි.
අප අද අත්විදින නිදහස උදෙසා රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා දිවි කැප කළ පොලිස් විරුවන්, 160 වන පොලිස් විරු අනුස්මරණ දිනයේ දී මෙලෙස ගෞරවාන්විතව සිහිපත් කර සිටිමු.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය