19න් පහළ රග්බි පාපන්දු තරගාවලිය හැව්ලොක්ස් පිටියේදී

131

‘ඩයලොග් අභියෝග කුසලාන’

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති ‘ඩයලොග් අභියෝග කුසලාන’ පාසල් අවුරුදු 19 න් පහළ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ ‘ප්‍රමුඛ පෙළ – 1’ කාණ්ඩයේ තරග සිකුරාදා (14) ප.ව. 04.15 ට ආරම්භ කෙරේ.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය කොළඹ මරදානේ පිහිටි ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තරගාවලියේ දෙවන දිනය යෙදෙන සෙනසුරාදා (15) ප.ව. 04.15 ට තවත් තරග 07 ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පියවර ගෙන ඇත.

ප්‍රමුඛ පෙළ – 1 කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමේ අරමුණ ඇතිව කොළඹ ශාන්ත ජෝශප්, කොළඹ ඉසිපතන, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ රාජකීය, කොළඹ ඩී. එස්. සේනානායක, කොළඹ සහිරා, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ වෙස්ලි, ගල්කිස්ස විද්‍යා, කොළඹ තර්ස්ටන්, මහනුවර විද්‍යාර්ථ, මහනුවර ශ්‍රී සුමංගල, මහනුවර ශාන්ත අන්තෝනි, මහනුවර කිංග්ස්වුඩ්, මහනුවර ධර්මරාජ සහ මහනුවර ත්‍රිත්ව විදුහල් මෙවර තරග වදිති.

තරග සැලසුම

● ජූනි 14 (සිකුරාදා)

● ශාන්ත ජෝශප් විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී

● ජූනි 15 (සෙනසුරාදා)

● ඉසිපතන විදුහල සහ ශ්‍රී සුමංගල විදුහල අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී

● ශාන්ත පීතර විදුහල සහ තර්ස්ටන් විදුහල අතර බම්බලපිටියේ දී

● ශාන්ත අන්තෝනි විදුහල සහ විද්‍යා විදුහල අතර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී

● රාජකීය විදුහල සහ කිංග්ස්වුඩ් විදුහල අතර රාජකීය ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී

● ඩී.එස්. සේනානායක විදුහල සහ ධර්මරාජ විදුහල අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිටියේ දී

● සහිරා විදුහල සහ වෙස්ලි විදුහල අතර කොළඹ සහිරා පිටියේ දී

● ත්‍රිත්ව විදුහල සහ ශාන්ත තෝමස් විදුහල අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment