ජාතික ශූරතා ඇවිදීමේ තරගාවලියක් එයි

44

මෙරට පළමු ජාතික ශූරතා ඇවිදීමේ තරගාවලිය ලබන මස 18 වැනි දින පෙ.ව. 05.30 ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

මෙම තරගය කිලෝ මීටර් 20 දුර ප්‍රමාණයකින් සැදුම්ලත් වේ.

මෙරට ඇවිදීමේ ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩකාවන් හඳුනා ගැනීම සහ ඇගයීම උදෙසා ජාතික ශූරතා ඇවිදීමේ තරගාවලිය හඳුන්වා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබීම විශේෂත්වයකි. එමෙන්ම ජාත්‍යන්තර මට්ටමින් පිළිගෙන තිබෙන තරග ඇවිදීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොළඹවා ගැනීම මෙම තරගාවලියේ තවත් එක් අරමුණකි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment