සමුගන්නා වේත්‍රධාරීගෙන් නව වේත්‍රධාරීට සෙංකෝලය සහ අසිපත…

151

විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම ඊයේ (30දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදුකළ අයුරු.

පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී වන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා 2018 වසරේ සිට වේත්‍රධාරී ධුරයේ රාජකාරි ඉටු කළේය. මේ අනුව අද (31දා) පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා වැඩ භාරගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment