මැද මාවතේ යන ප්‍රතිපත්ති 20ක් ගැන සජිත් මැතිසබයට කියයි

74

සමගි ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගත් පසුව සමබර මැද මාවතක ගමන් කරමින් රට ගොඩ නැගීම සඳහා අනුගමනය කරන්නේ යැයි කියනු ලබන ප්‍රතිපත්ති විස්සක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) විස්තර කරන ලදී.

සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ අන්ත දක්ෂිණාංශක නව ලිබරල්වාදයත් අන්ත වාමාංශික සමාජවාදයත් අතර සමබර මැද මාවත බවත් ඒ සඳහා සංක්‍ෂිප්ත කරුණු 20ක් ඉදිරිපත් කරන බවත් එම ප්‍රතිපත්ති රටට සෞභාග්‍යය හා නවෝදය ස්ථාපිත කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය ආර්ථික සංකෝචනයක් නොව ශීඝ්‍ර ආර්ථික වර්ධනය සහ ප්‍රසාරණය විශ්වාස කරන බවත් වේගවත් ආර්ථික සංවර්ධන රටාවකට රට ගෙනයෑමට අපේක්ෂා කරන බවත් ඒ තුළින් ජීවන මට්ටම සහ ආර්ථික මට්ටම ඉහළ යෑම තුළ සියල්ලන්ම අන්තර්ගත වූ වර්ධනයක් සහ සාමුහික සමෘද්ධියක් අපේක්ෂා කළ හැකි බවත් හෙතෙම කීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදයේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment