‘1983 උපන් අපි’ ෆේස්බුක් කණ්ඩායමෙන් මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දූ දරුවන්ට තෑගි කන්දක්

38

‘1983 උපන් අපි’ ෆේස්බුක් කණ්ඩායම තෙවැනි වරටත් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද පුණ්‍යකර්මය සාර්ථක අන්දමින් පසුගියදා පැවැත්විණි.

මෙම අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ද එක්විය.

මෙහිදී රෝහලේ නේවාසිකව සිටින සියලු දරුවන් ආවරණය වන පරිදි එක් දරුවකුට රුපියල් 22,000 බැගින් සියලු වාට්ටු සඳහාත්, සී.සී.සී. නිවහනේ සිටින සියලු දරුවන් සඳහා එක් දරුවකුට රුපියල් 12,000 බැගින් රුපියල් ලක්ෂ 42ක මුදලක් බෙදාදීමට කටයුතු කළහ. ඊට අමතරව සියලු දරුවන් සඳහා එක් අයකුට රුපියල් 1000ක් පමණ වටිනා සෙල්ලම් බඩු කට්ටලයක් ද පරිත්‍යාග කරනු ලැබීය. තවද රුපියල් 2,50,000ක් වටිනා රෝහලට අත්‍යාවශ්‍ය භාණ්ඩ කට්ටලයක් (FlexiCair ආයතනයේ අනුග්‍රහයෙන්) ද පරිත්‍යාග කරනු ලැබීය. එමෙන්ම මෙම වැඩසටහන තුළ සියලුු වාට්ටු ආවරණය කරමින් රෝගී දරුවන්ට පලතුරු බෙදාදුන් අතර මෙහිදී ලේ දන්දීමේ වැඩසටහනක් ද සංවිධානය කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා 1983 උපන් අපි ෆෙස්බුක් කණ්ඩායමේ මෙන්ම දෙස් – විදෙස් සාමාජිකයන්ගේ ආරාධනයෙන් බාහිර පාර්ශ්වයන්ගේ ආධාර ලැබුණු බව එම කණ්ඩායමේ සමිත් බෙනරගම මහතා පැවැසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව


advertistmentadvertistment