වසර 40 ක් ඉක්මවා ඇති සියලුම තට්ටු නිවාසවල නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් වහාම ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට ඊයේ (28 දා) උපදෙස් දී ඇත.
ඒ අනුව එවැනි ගොඩනැඟිලි සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් මගින් පර්යේෂණ වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර තාක්ෂණියක වාර්තාවක් ලබාගැනීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්. එස්. සත්‍යානන්ද මහතා පවසයි. එම නිසා අනාරක්ෂිත බව තහවුරු වුවහොත් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ඒවා පවරා ගැනීමට හැකියාව පවතින බව ද ලේකම්වරයා පවසයි.
බම්බලපිටියේ නිවාස ක්‍රමය, වේල්ස් කුමාර මාවත නිවාස, සිරිධම්ම මාවත නිවස, කම්කරුපුර මහල් නිවාස, මිහිඳුපුර නිවාස, මාළිගාවත්ත නිවාස ක්‍රමයේ ගොඩනැඟිලි කිහිපයක් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමට සැලසුම් කර ඇත.
සාමාන්‍යයෙන් නිවාස සංකීර්ණ ඉදිකර පදිංචිකරුවන්ට භාරදීමෙන් අනතුරුව ඒවා නිසියාකාරයෙන් නඩත්තු කිරීම සහ පවත්වාගෙන යෑම සිදුකරනු ලබන්නේ කළමනාකරණ සංස්ථාව වෙනුවෙන් හැඳින්වෙන අදාළ නිවැසියන්ගෙන් සමන්විත නෛතික ව්‍යුහයක් මගිනි. එම ඒකකය මගින් මහල් නිවාස සංකීර්ණ නිසිලෙස නඩත්තු කිරීම මෙම මහල් සංකීර්ණ අබලන් තත්ත්වයට පත්වීමට ප්‍රධාන හේතුව වී ඇති බව නිරීක්‍ෂණය වී තිබේ.
චමින්ද සිල්වා