9 හැවිරිදි දැරියක කෝටුමස් කළ සුළු පියා රිමාන්ඩ්

266

මීගොඩ පොලිස්බල ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි දැරියකට ඉතා අමානුෂික අන්දමින් කෝටු හතරකින් පහර දුන්නේ යැයි කියනු ලබන ඇගේ සුළු පියා මීගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම දැරියට මුලින්ම එක් කෝටුවකින් පිටට වැරෙන් පහර එල්ල කරද්දී එම කෝටුව කැඩී වෙන්වීම නිසා සැකකරු පිළිවෙළින් තවත් කෝටු තුනකින් මෙසේ දැරියට පහර දී ඇති බව මීගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම පහරදීම සිදුකළ මොහොතේ දැරියගේ මව නිවසේ සිට නැති බව පොලිසිය කියයි. පහරදීම ගැන අසල්වැසියන් විසින් දැරියගේ මවට කළ දැනුම්දීමෙන් පසු ඇය මේ ගැන පොලිසියට පැමිණිලි කර දැරිය රෝහල්ගත කර ඇත.

මෙම දැරියගේ මවගේ කලින් විවාහයේ සැමියාගේ ඥාතියකු දැරියට දුරකථන අංකයක් ලබාදීම නිසා කෝපයට පත් මෙම සැකකරු ඇයට මෙසේ පහරදී තිබේ.

සැකකරු හමුදා සෙබළෙකි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment