DFCC බැංකුව සිය විශ්වාසනීය Data Center සැපයුම්කරු ලෙස OrionStellar සමග ව්‍යාපාරික සම්බන්ධතාවක් ආරම්භ කරයි

8

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන DFCC බැංකුව ඩිජිටල්කරණයේ නව අදියරක් වෙත පියනගමින්, තම විශ්වසනීය Data Center සැපයුම්කරු ලෙස OrionStellar ආයතනය තෝරාගෙන තිබේ.

මෙම ව්‍යාපාරික සබැඳියාව හරහා OrionStellar තම තාක්ෂණ විශ්වසනීයත්වයේ තත්ත්ව සහතික හා ආරක්ෂණ ක්‍රමවේද උපයෝගී කොට DFCC බැංකුවට මූල්‍ය ක්ෂේත්‍රයේ උසස් නියාමන ප්‍රමිතීන්ට අනුකූලව ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත ඩිජිටල් බැංකුකරණ පහසුකම් සැපයීමට සහාය වනු ඇත.

තිරසාරභාවය හා ඩිජිටල් පරිවර්තනය පිළිබඳ DFCC බැංකුවේ අඛණ්ඩ නව්‍යත්වය මේ සබැඳියාවෙන් සනිටුහන් වන අතර, OrionStellar Data Center හි ඉහළ විදුලි කාර්යක්ෂමතාවය බැංකුවේ දීර්ඝ කාලීන පරිසර හිතකාමී සහ පාරිසරික වගකීම් සුරැකීමේ ක්‍රියාදාමයටද මැනවින් අනුකූල වේ.

ආයතනයක් තුළ Data Center එකක් පවත්වාගෙන යාම විශේෂ පිරිවැයක් සහ මෙහෙයුම් සංකීර්ණතා දරමින් කළමනාකරණය කළ යුතු ක්‍රියාවලියකි. OrionStellar Data Center සමග ඇති කරගත් ව්‍යාපාරික සබඳතාවය හරහා DFCC බැංකුවට මෙවැනි සංකීර්ණතා රහිතවම, අඛණ්ඩව පැය 24 පුරා තාක්ෂණ සහයෝගය සැපයෙන, සම්පූර්ණයෙන්ම කළමනාකරණය වන ගෝලීය මට්ටමෙ Data Center පහසුකම් හිමිවන අතර අභියෝගයකින් තොර විශිෂ්ට බැංකු සේවාවක් සැපයීමට අනුබල ලැබේ. OrionStellar Data Center කොළඹ නගර සීමාව තුළ පිහිටා තිබීම, ළඟාවීමේ පහසුව හා එහි අඛණ්ඩ සේවා විශ්වාසනීයත්වයට තවත් පිටුවහලක් වේ.


advertistmentadvertistment