අද සමාජයේ බොහෝ දෙනාට අත්විඳීමට සිදුවී ඇති රෝග තත්ත්වයක් ලෙස ගැස්ට්‍රයිටිස් හැඳින්වීමට පුළුවන්. එය ඇතැම් අවස්තාවන් වල ‘බඩේ දැවිල්ල, ගෑස්ටික්, හා ගෑස්’ වැනි විවිධ නම්වලින් සමාජයේ ප්‍රචලිතව පැවතෙනු දකින්නට පිළිවන්. එයට හේතුව මෙම රෝග තත්ත්වය ඒ තරමටම ජනතාව අතර පැතිර පැවතීම යි.
ගැස්ට්‍රයිටිස් යනු අපගේ ආමාශය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයක්. එය ආමාශයේ ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් ලෙස සරලව හඳුන්වනවා. ගැස්ට්‍රයිටිස් රෝගයේ ප්‍රධාන ආකාර දෙකක් නිරීක්ෂණය කිරීමට හැකියි. එක ආකාරයක් කෙටි කාලයක් තුල දී මතුවිය හැකි අතර එය කෙටි කාලීන ගැස්ට්‍රයිටිස් (acute gastritis) යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් පවතින්නේ දින 2-10 වැනි කාලයක් අතර යි. අනෙක් ආකාරය නම් දිගුකාලින ගැස්ට්‍රයිටිස් (chronic gastritis), එනම්, දිගු කාලයක් තිස්සේ සෙමින් සෙමින් මතුවන ගැස්ට්‍රයිටිස් තත්ත්වය යි. මෙම තත්ත්වය සති කිහිපයක සිට වසර ගණනක් දක්වා වුව ද පවතිය හැකියි
ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ
බඩේ ඉහළ ප්‍රදේශයේ ඇතිවන දැවිල්ලක් හෝ කැක්කුමක්.
වමනය යෑමට ආසන්න සේ හැඟීම හෝ වමනය යෑම.
බඩ පුරවා දැමීම සහ බඩේ අපහසුතාවයක් දැනීම.
දැවිල්ලක් සහිතව උගුරට ඒම.
කෑම අරුචිය නිතර නිතර ඉක්කාවන් ඇති වීම.
ආදී රෝග ලක්ෂණ හදුනා ගැනීමට හැකි වන අතර,
ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඉතාමත් බරපතල මට්ටමකට පැමිණි විට,
වමනය සමඟ ලේ පිටවීම.
මළ සමඟ ලේ පිටවීම.
ශරීරයේ ලේ අඩුකම/ නීරක්තිය
ආදී ලක්ෂණ ද හඳුනාගැනීමට හැකි යි.
ගැස්ට්‍රයිටිස් ඇතිවීමට හේතු සහ අවදානම් සාධක
ආහාර ජීර්ණ පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන Helicobacter pylori නැමැති බැක්ටීරියා ආසාදනය.
මත්පැන් භාවිතය.
දුම්පානය කිරීම.
ඇස්පිරින් සහ ඇතැම් ස්ටෙරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ
(Non-steroidal Anti-inflammatory
Drugs/NSAIDs) වැනි වේදනා නාශක.
ජීවන රටාව, ලොකු ශල්‍යකර්මයක්, ලොකු අනතුරක්, පිළිස්සීමක්, හෝ දැඩි ආසාදනයක් නිසා ඇතිවන මානසික ආතතිය (Stress)
ඇතැම් ස්ව-ප්‍රතිශක්ති රෝග (Auto-immune diseases)
පිළිකා රෝග ප්‍රතිකාර සඳහා යොදාගන්නා රසායනික චිකිත්සාව (Chemotherapy) සහ විකිරණ චිකිත්සාව (Radiotherapy),.
ඇතැම් අසාත්මිකාරක (Allergen).
දිගුකාලීන පිත ඉහළට ගැලීම (Chronic bile reflux) නැමැති තත්ත්වය.
අම්ල වැනි විඛාදක ද්‍රව්‍ය (Corrosive) පානය කිරීම.
අධිකව තේ හෝ කෝපි පානය කිරීම.
ඇතැම් දිළීර සහ වෛරස් ආසාදන.
රක්තහීනතාවය (Anaemia) සඳහා ලබාදෙන යකඩ පෙති.
වැඩිපුර අනුභව කිරීම (Overeating),
ආහාර වේල් මගහැරීම.
ස්ටෙරොයිඩ් ඖෂධ ප්‍රතිකාර (Steroid treatments)
ආමාශයට සිදුවන අනතුරු හෝ ආමාශයේ ශල්‍යකර්ම.
වැඩිහිටි වයසේ පසුවන පුද්ගලයන්ට ද මෙම තත්ත්වය ඇතිවීමේ අවදානමක් දැකිය හැකි වන්නේ වයස ගත වීමත් සමඟ ආමාශයේ බිත්ති තුනී වීම සිදුවන නිසා යි. එසේම වැඩිහිටියන්ට ආසාදන තත්ත්වයන් ඇති වීමේ වැඩි නැඹුරුවක් දකින්නට ලැබීමත් මෙයට හේතුවක්.
ඔබට ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇත්නම්, ඔබ ඉතා සැලකිලිමත් විය යුතු වන්නේ, ඇතැම් ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ, ඇතැම් දරුණු රෝග තත්ත්ව වලදී ද මතුවීමට ඉඩ ඇති බැවිනි.ඒවානම්
හදවත් රෝග.
ආමාශයේ පිළිකා.
අග්න්‍යාශදාහය (Pancreatitis)
පිත්තාශයේ
(Gallbladder) සහ පිත්තකාර්ෂයේ (Biliary tract), ප්‍රදාහයක් හෝ ආසාදනයක් නිසා ඇතිවන පිත්ත වේදනාව (Biliary pain),
ආමාශයේ තුවාළ හෝ වණ.
අක්මාවේ මේද තැන්පත් විම.
ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා නිවැරදිව ප්‍රතිකාර ලබා නොගතහොත් ඒ ආශ්‍රිතව සංකූලතා රැසක් ද ඇතිවීමේ අවධානමක් පවතිනවා. මෙම රෝගය දිගු කලක් පැවතීම ආමාශය ආශ්‍රිතව තුවාල ඇතිවීමට හා රුධිර වහනයක් වීම දක්වා වර්ධනය වන්නට හැකි වෙනවා. එලෙස අධිකව රුධිරය වහනය වීම ශරීරයේ ලේ අඩුකමක් ඇතිවීමට ද හේතු විය හැකියි. එසේම මෙම තත්ත්වයට නිසි ප්‍රතිකාර සිදු නොකර දීර්ගකාලීනව පැවතීම ඒ ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් වැනි බරපතල රෝගයන්ට පවා හේතුවිය හැකි යි.
මෙවැනි රෝග ලක්‍ෂණ සහිත රෝගින්ට හෝමියෝපති ප්‍රතිකාර මගින් බොහෝ සුවය ගතහැකි වන්නේ රෝග මුලය එනම් හේතුව නැති කිරීම ප්‍රතිකාර ක්‍රමයේ තිබෙන සුවිශේෂී ලක්‍ෂණය වන බැවිනි.රෝගී තත්වය කුමක් වුවත් රෝග ලක්‍ෂණයට අදාල නිවැරදි හෝමියෝපති ඖෂධය දීම තුල එම ඖෂධ ක්‍රියාකාරිත්වය රෝගයට හේතුවූ මුල ධාතුව නැති කිරීමකි.අතුරු ආබාධ නොමැති ඉතා සරල වුද පාවිච්චියට පහසු මෙම ප්‍රතිකාර මගින් එම රෝගය පමණක් නොව ප්‍රතිශක්තිය වර්ධනය වීම තුල රෝගියාගේ ගතේ පවතින අනෙකුත් කායික හා මානසික රෝගී තත්වයන්ද ඒවගේම ආතරයිටිස්, පාකින්සන් ,කොදු ඇට පෙලේ ආබාධ,ස්නායු රෝග,අත් පා වල හිරිවැටීම,වෙව්ලිම,නහර ගැට ගැසීම,අර්ශස්,හර්නියා, ඉරුවාරදය,අකලට කෙස් සුදුවීම,ගැලවී යාම, දත්මුල් දියවීම, ආමාශගත රෝග,මළ බද්ධය,ලිංගික රෝග, හෘද රෝග,අක්මා රෝග, වකුගඩු මුත්‍රාශ්‍රිත රෝග, දියවැඩියාව,අධික ස්ථුලතාවය, කැස්ස,ඇදුම,පිනසය,සියළු කාන්තා රෝග ආදී සෑම රෝගයකටමද හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුල ඖෂධ තුලින් සුවය ලැබිය හැකි වනවා. එය ඔබට නිරෝගිමත් දිවියකට දිව ඔසු අත්වැලක් වනු නොඅනුමානය.
වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0718250716/17 ඇමැතිය හැකිය
එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස්
පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.