සිංගර් සමාගම විසින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබූ Honor සන්නාමය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී නිළ අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වූ බව පසුගියදා නිවේදනය කරන ලදී.
ප්‍රමුඛ පෙළේ ගෝලීය smart ජංගම දුරකථන සැපයුම්කරුවකු වන Honor 2023 වසරේ අප්‍රේල් මාසයේදදී ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. ඉන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල හවුල්කරුවකු ලෙස එක් වූ Honor පිරිමි සහ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම් දෙකටම අනුග්‍රහය දැක්වීමට කටයුතු කරනු ලැබීය.