HUTCH Sri Lanka අඛණ්ඩව 10 වන වරටත් “ඩිජිටල් දන්සල” පවත්වයි

15

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ ජාලයක් වන HUTCH Sri Lanka ,වෙසක් උත්සවය සැමරීම නිමිති කොටගෙන අඛණ්ඩව 10 වන වසරටත් ඩිජිටල් වෙසක් දන්සල පවත්වන ලදී.

”‍ඩිජිටල් වෙසක් දන්සල”‍ සංකල්පය ශ්‍රී ලංකාවේ දියත් කළ ප්‍රථම දුරකථන සේවා සැපයුම් සමාගම වන්නේ ද HUTCH Sri Lanka. මෙම දන්සැල මගින් සියලු‍ වයස්වල සහ සියලු‍ තරාතිරම්වල ශ්‍රී ලාංකිකයන්ට දත්ත, ඇමතුම් සහ කෙටි පණිවිඩ වැනි ඩිජිටල් සේවාවන් නොමිලේ ලබා දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, මෙවර ඩිජිටල් වෙසක් දන්සල ඔස්සේ HUTCH පාරිභෝගිකයින්ට පැයක කාලයකදී unlimited data , ඕනෑම ජාලයකට unlimited calls, unlimited HUTCH to HUTCH කෙටි පණිවිඩ සේවාව ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබුණි. මෙම ඩිජිටල් වෙසක් දන්සැලෙන් ලබා දෙන දීමනා 2024 මැයි 23 සහ 24 යන දිනවල HUTCH

පාරිභෝගිකයින් සඳහා පමණක් *322# ඇමතීමෙන් හෝ HUTCH Self Care App හරහා සක්‍රිය කිරීමෙන් ලබා ගැනීමට හැකිවිය. මෙම සෑම සේවාවක්ම කිසිදු දත්ත සීමාවකින් තොරව හෝ වෙනත් සීමාවකට ලක් වීමකින් තොරව සම්පූර්ණ පැයක කාලයම භුක්ති විදීමේ අවස්ථාව HUTCH Sri Lanka සමාගම සිය පාරිභෝගිකයින් සඳහා උදාකර දී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment