ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිව්වන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට ළඟා වීමට හැකිවනු ඇතැයි කම්කරු ඇමැති හා මුදල් නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (24) පෙරවරුවේ ඇමැතිවරයා මේ බව කීවේය.
මේ සමාලෝචනයට අදාළ සාකච්ඡා මේ සතිය තුළ අවසන් වීමෙන් පසු එම කාර්ය මණ්ඩල එකඟතාව ලබාගත හැකිවනු ඇති බව ද ඇමැතිවරයා කියා සිටියේය. මේ ගැන කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් වැඩසටහනේ නිර්ණායකවලට ළඟා වෙන්න පුළුවන් මට්ටමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ වගේම මේ වනවිට ඇමරිකාව විසින් ලෝකයට ම පනවලා තියෙන තීරු බදු නිසා ඇති වී තිබෙන අලුත් ලෝක ආර්ථික තත්ත්වයත් සැලකිල්ලට භාජනය කරමින් ඉන්නවා. ඒ නිසා මේ සතිය තුළ දීම එම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට ළඟාවෙන්න පුළුවන් කියලා ඉතාම සුබවාදී බලාපොරොත්තුවක් අපට තියෙනවා.
ශ්‍යාම් නුවන් ගනේවත්ත