ලොව ප්‍රමුඛ පෙළේ ඇඟලුම් තාක්ෂණ සමාගමක් වන MAS Holdings, තිරසර අධ්‍යාපනය සහ තරුණ තරුණියන් සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් අවධාරණය කරමින් Eco Go Beyond සම්මාන උළෙල 2024 පසුගියදා තුල්හිරිය MAS Athena හි පවත්වන ලදී.

තිරසරභාවය සඳහා තරුණ නායකයින් විසින් කරන ලද විශිෂ්ට කාර්යයන් ඇගයීම මෙම උත්සවයේ අරමුණ විය.ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ (IWMI) සම්මානිත විද්‍යාඥවරියක් සහ GEF කුඩා පරිමාණ ආධාර වැඩසටහනේ ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපතිනිය වන ආචාර්ය ප්‍රියානි අමරසිංහ මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ MAS හි ජ්‍යෙෂ්ඨ නායකයින් ද මෙම අවස්ථාවට සහභාගී විය.

පාසල් සිසුන් විසින් ක්‍රියාත්මක කළ සුවිශේෂී ව්‍යාපෘති හඳුනා ගැනීම, ඇගයීම සහ පාසල් සිසුන් විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති මඟින් සිදු කළ සමාජ සහ පාරිසරික බලපෑම ප්‍රදර්ශනය කිරීම මෙම උත්සවයේ අරමුණ විය. මීට පෙර වසරක් පුරා ඒ වෙනුවෙන් වැඩමුළු, පුහුණු වැඩසටහන් හා සිසු සිසුවියන්ගේ ව්‍යාපෘති වැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර මෙම වැඩසටහන තුළින් සමරනු ලැබුවේ එහි උච්චතම අවස්ථාවයි.

MAS Holdings, විසින් මීට වසර 18කට පෙර ආරම්භ කරන ලද Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහනෙහි අරමුණ වූයේ තිරසර සංවර්ධන සංකල්ප පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කරමින් එම තරුණ පිරිස් සඳහා එම සංකල්ප ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමයි. කුඩා වැඩසටහනක් ලෙස ආරම්භ වූ එය දැන් ශ්‍රී ලංකාව පුරා පාසල් 149 ක් දක්වා වර්ධනය වී ඇති අතර සිසුන් 177,000 කට වැඩි සංඛ්‍යාවක් සවිබල ගන්වා ඇත. මෙම වැඩසටහන පරිවර්තනයක් වෙනුවෙන් වන MAS හි දැක්ම (MAS Plan for Change) අනුව යමින් පරිසරය ගැන සැලකිලිමත් වන නව පරපුරේ සිසු සිසුවියන් බිහි කිරීම අරමුණු කරයි.


advertistmentadvertistment