අඹන්පොල ග‍්‍රාම නිලධාරි ඝාතනයේ ප‍්‍රධානියා දැලේ… සැකකරු බිරිඳගේ අනියම් සැමියාගේ කකුලක් කපන්නත් ඉඳලා

577

රුපියල් හැත්තෑදහසක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත අඹන්පොල ග‍්‍රාම නිලධාරිවරයා කපා කොටා ඝාතනය කළ සංවිධානාත්මක කල්ලියේ ප‍්‍රධානියා අඹන්පොල පොලිසිය මගින් ඊයේ (07 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු තම බිරිඳගේ අනියම් සැමියාගේ කකුල් කපා වෙන්කර ඔහු ඝාතනය කිරීම සඳහා සැලසුම් කරගෙන සිට ඇති බව ප‍්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබේ.

අඹන්පොල ග‍්‍රාම නිලධාරි ඝාතනයේ ප‍්‍රධානියා දැලේ... සැකකරු බිරිඳගේ අනියම් සැමියාගේ කකුලක් කපන්නත් ඉඳලා
ග‍්‍රාම නිලධාරිවරයා

අඹන්පොල ග‍්‍රාම නිලධාරිවරයා ඝාතනය කිරීම සඳහා කොන්ත‍්‍රාත්තුව ලබාදුන් බව කියන ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිවරයා පොලිසිය මගින් මීට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබිණි.

එම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ග‍්‍රාම නිලධාරිවරයා ඝාතනය කරනු ලැබුවේ හික්කඩුව ප‍්‍රදේශයේ පාතාල කල්ලියක් විසින් බව අනාවරණය විය.

එම කල්ලියට නායකත්වය දුන් පාතාල සාමාජිකයා පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු අඹන්පොල පොලිසියේ නිලධාරීන් පිරිසක් හික්කඩුව ප‍්‍රදේශයේ කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධව තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ඉඩමක් සම්බන්ධයෙන් පැවති ආරවුලකට එක් පාර්ශ්වයකට සහාය වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වූ බව පොලිස් විමර්ශනවලින් අනාවරණය විය. ඉකුත් 04 වැනිදා උදෑසන ග‍්‍රාම නිලධාරිවරයා සිය රාජකාරි සඳහා යමින් සිටියදී මඟ රැකසිටි මෙම පාතාල කල්ලිය ඔහුට පහර දී කපා කොටා ඝාතනය කර තිබිණි.

අඹන්පොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් පෙරේරා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක ජයරත්න ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment