කොරෝනා හැදුණු රිෂාඞ්ගේ මාමාට ඇප නොලැබෙයි

126

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ බිරිඳගේ පියාට ඇප ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර පේ‍්‍රමජයන්ත මහතා කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය ඊයේ (27 වැනිදා) ප‍්‍රතික්ෂේප කළාය.

 රක්ෂිත බන්ධනාගාරගත සිටින සිය සේවාදායකයා මේ වනවිට කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බවත්, ඔහු කොරෝනා මර්දන දෙවැනි එන්නත ලබාගෙන නොමැති බැවින් ජීවිත අවදානමක් පවතින බවත් මෝසමක් මගින් නඩුව කැඳවමින් ජනාධිපති නීතිඥවරයා එම ඇප ඉල්ලීම කළේය.

 කොරෝනා රෝගී තත්ත්වය පමණක් ඇප දීමට තරම් සුවිශේෂ කරුණක් නොවන බව එහිදී පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය, කිදර් මොහොමඞ් ෂිහාබ්දීන් නමැති එම සැකකරුව වහාම බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment