Mister national Universe තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් අශේන් නවෝද්‍ය

7

සූර්ය කුමරා සහ කුමරිය සමග රමමජැහකදබ අවුරුදු තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමි කරගත් අශේන් නවෝද්‍ය කරුණාසාගර එළැඹෙන ජුනි මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා තායිලන්තයේ පැවැත්වෙන Mister national Universe 2025 තරගයට සහභාගි වීමට නියමිතය.

Mister national Universe තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් අශේන් නවෝද්‍ය

Mister national Universe 2025 තරගාවලිය සඳහා ඉන්දියාව, ප්‍රංශය, ඕස්ටේ්‍රලියාව, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය, කැනඩාව, නේපාලය ඇතුළු රටවල් 25 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බව මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්‍ෂ මයුර පෙරේරා සඳහාත් කළේය.

සූර්ය කුමරා සහ කුමරිය සමග ruuceylon අවුරුදු තරගාවලිය ද සංවිධානය කරන ලද්දේ Mister national Universe හි ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්‍ෂ මයුර පෙරේරා විසිනි.

මෙම තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන අශේන් නවෝi කරුණාසාගර මහනුවර කිංස්වුඩ් විදුහලේ ආදි සිසුවෙකි. ඔහු වෘත්තියෙන් රජයේ පාසල් ක්‍රීඩා පුහුණුකරුවකු ද වන අතර සමස්ත ලංකා ජාත්‍යන්තර කරාතේ පදක්කම් රාශියක් ලබාගත් ජාත්‍යන්තර කළුපටි 3 වැනි ශ්‍රේණියේ කරාතේ උපදේශකවරයෙකි. ඊට අමතරව ජනාධිපති සම්මානලාභී උඩරට වෙස් නර්තන ශිල්පියෙකි.


advertistmentadvertistment