අස්වැසුම අභියාචනා ලක්ෂ නවය පනී

197


අස්වැසුම සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා සලකා බැලීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාලසීමාව ජුලි මස 10 වැනිදායින් අවසන් විය.
මෙම දීමනා සම්බන්ධයෙන් අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් ලැබී ඇත.
මෙම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකරනු ලබන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම මෙම දීමනා අවශ්‍ය සියලුම පාර්ශ්වයන් හඳුනාගනිමින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු ද විනිවිදභාවයකින් යුතුව සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


advertistmentadvertistment